කොවිඩ් බූස්ටරය අරගෙන ඇත්තේ 55% යි

89

කොවිඩ් තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටරය මෙතෙක් ලබාගෙන ඇත්තේ සියයට 55ක සංඛ්‍යාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා “දිවයින”ට ඊයේ (12 වැනිදා) පැවසීය.

බූස්ටරය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ඇතැයිද හෙතෙම කීය.

කොවිඩ් යළි ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බැවින් නොපමාව ළඟම ඇති රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නැයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් අය විවිධ මිථ්‍යා මත දරමින් සිටින බවට දැනගන්නට ලැබී ඇති බවත් එබැවින් එම මතවලට යට නොවී බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විට කොවිඩ් දෙවැනි මාත්‍රාව සියයට 87ක පිරිසක්ද කොවිඩ් පළවැනි මාත්‍රාව සියයට 100ක පිරිසක්ද ලබා ගෙන ඇතැයිද හෙතෙම කීය.

පසුගිය ජූලි 01 වැනිදා සිට ඊයේ (12 වැනිදා) දක්වා වූ කාලය තුළ කොවිඩ් රෝගීන් 3000කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයිද හේ කියා සිටියේය.

දිනකට මරණ පහ ඉක්මවා වාර්තාවන බවද හෙතෙම කීය.

කොවිඩ් පැතිරීමක් ඇතිවුවත් රට හෝ වෙනයම් ස්ථානයක් හෝ කිසිසේත්ම නොවසන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment