කොවිඩ් බෙහෙත් කරල ශ‍්‍රී ලංකාවටත්

530

‘කොවිඞ් 19’ රෝගය සඳහා මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ඖෂධයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මර්ක් සමාගමේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ ඖෂධය ( බෙහෙත් කරල) ශ‍්‍රී ලංකාවේ දී භාවිතා කිරීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව මෙම ඖෂධය ශ‍්‍රී ලංකාවේ භාවිතයට ගත යුතුද, එසේ නම් ඒ කවර දිනක ද, කුමන ඖෂධ ප‍්‍රමාණයක් ගෙන ආ යුතුද යන වග විමසමින් 2021/10/11 දින රාජ්‍ය ඇමැතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබණි. ඊට මෙතෙක් ප‍්‍රතිචාර නොලැබීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘කොවිඞ් 19’ රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවේ මතය කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් නැවතත් ඉකුත් 05 වැනිදා ද රාජ්‍ය ඇමැතිවරයා ලිපියක් යවා ඇත.

මෙම ඖෂධය ‘කොවිඞ් 19’ රෝගීන් සඳහා යොදා ගැනීමට මහා බි‍්‍රතාන්‍යය අනුමැතිය ලබා දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment