කොවිඩ් මරණ වැඩිවීමේ අවදානමක් – පී. එච්. අයි. සංගමය කියයි

93

රෝහල්වල පරීක්ෂණ පහසුකම් නෑ

ඇන්ටිජන් පරීක්ෂාවන් සහ පී. සී. ආර්. පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් අමුද්‍රව්‍ය මෙරට බොහෝ රෝහල් තුළ නොමැතිවීම නිසා කොවිඩ් නව ව්‍යාප්තිය හේතුවෙන් සිදුවන මරණ අනුපාතය ඉහළ යෑමේ දැඩි අවදානමක් යළි මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් වෛරස පාලනය වෙනුවෙන් අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍ය පුරුදු, මාර්ගෝපදේශ දැඩිව පිළිපඳින ලෙස ද එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ඊයේ (27 දා) වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ ද කියා සිටියේය. මේ වනවිට අපේ රටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නැහැ. මේ තත්ත්වය නිසා හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණයට වඩා පස් ගුණයක් රට තුළ සිටිය හැකියි. පවතින ආර්ථික අර්බුදය නිසාත්, බිම් මට්ටමේ ඇති ඉන්ධන අර්බුදය නිසාත් කොවිඩ් යළි හිස එසවීම පාලනය සෞඛ්‍ය අංශ අතට ගැනීමට දැඩි අපහසුතාවක් බවට පත් වී තිබෙනවා. බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත විශාල කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සිටිනවා. නමුත් ඔවුන් කොවිඩ් රෝගීන් ලෙස තහවුරු කර ගැනීමට රසායනාගාර පහසුකම් නොමැතිවීම රටේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක්.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment