කොවිඩ් මර්දන ඩීඑන්ඒ එන්නතක් එයි

236

ලොව පළමු කොවිඩ් මර්දන ඩීඑන්ඒ එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහන මේ වන විට ඉන්දියාවෙන් ඇරඹී ඇත.
කොවිඩ් මර්දන මෙම ඩීඑන්ඒ එන්නත වන්නේ ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව්- ඩී එන්නතයි.

කොවිඩ් වෛරසයේ ජානමය කොටසක් යොදා ගනිමින් නිපදවා ඇති මේ එන්නතධ මාත්‍රා තුනකින් යුක්ත අතර එහි පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් ලබා ගත යුතුවේ.

මෙම එන්නත ඉන්දීය බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම ඉකුත් සිකුරාදා ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment