කොවිඩ් මළසිරුරු බහාලීමට ගම්පහ රෝහලට නොමිලේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි

199

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් වී කොරෝනා වාට්ටුවල ප‍්‍රතිකාර ලබමින් සිටින විට මියයන ආසාදිතයන්ගේ මළසිරුරු බහාලීම සඳහා කාඩ්බෝඩ් මිනීපෙට්ටි නොමිලයේ ලබා දීමට දෙකටන, නාරන්පොල යුනිඞීල් පැකේජින් පුද්ගලික ආයතනය කටයුතු කර ඇත.

ඒ අනුව එම රෝහලේ අවශ්‍යතා මත එම කාඩ්බෝඩ් මිනීපෙට්ටි නොකඩවාම ලබාදීමට එම ආයතනය කටයුතු කෙරේ. මෙය සංකේතවත් කරමින් කාඩ්බෝඩ් මිනීපෙට්ටි 20 ක් එම රෝහලට ප‍්‍රදානය කිරීම ඉකුත් 22 දා සිදු කරන ලදී. එම අවස්ථාවට එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රියන්ත ඉලේපෙරුම, වෛද්‍ය සම්පත් කුලතිලක, යුනි-ඞීල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බැනෙට් ගම්ලත්, නිෂ්පාදන කළමනාකාර නිරෝෂන් දයාවංශ, අලෙවි කළමනාකරු මංගල සුබසිංහ හා මූල්‍ය ප‍්‍රධානී ඉන්දික ඉලූක්කුඹුර යන මහත්වරුන්ද සහභාගී වූහ. එහිදී යුනි-ඞීල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බැනෙට් ගම්ලත් මහතා විසින් ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ සමන් පතිරණ මහතා වෙත එම කාඩ්බෝඩ් මිනීපෙට්ටි භාරදුන් අයුරුයි මේ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment