කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කළේ ඇයි

121

කොවිඩ් වසංගත තත්ත්වය මෙරට උග‍්‍ර වෙමින් පවතින අවස්ථාවක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීම කුමන විද්‍යාත්මක පදනමක සිට සිදු කළේදැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට පැහැදිලි කළ යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ සේම නීතිද ලිහිල් කළ යුතුව ඇත්තේ වෛරසය හොඳින්ම පාලනය වී ඇති අවස්ථාවකදී වුවත් වෙන කුමන හෝ පාර්ශ්වයන්ගේ අදහස් සහ තීරණයන් සමඟ යමින් මෙවැනි සංශෝධන සිදු කිරීමෙන් රට තවදුරටත් රෝගීවීම වළක්වාලිය නොහැකි වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා මෙසේද පැවසීය.

විද්‍යානුකූලව ගත යුතු තීරණ යම් යම් පාර්ශ්වයන්ගේ අභිමතය පරිදි යොදා ගැනීමෙන් රට නිතිපතා රෝගී තත්ත්වයට පත් නෙවා. අද පී. සී. ආර්. ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීම් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය බොරු වපුරනවා. මේවාට අවශ්‍ය උපාංගවල බරපතළ හිඟයක් පවතිනවා. ප‍්‍රභේද සෙවීමට පරීක්‍ෂණ නොකිරීමෙන් රෝගය සම්පේ‍්‍රෂණය වීම සියයට අනූවක දක්වා වර්ධනය වී තිබෙනවා. එහෙම තත්ත්වයකදී කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment