කොවිඩ් මැද වුවත් ආර්ථිකය සියයට 3.6 ට නැගලා

98

කොවිඞ් අර්බුදකාරී තත්ත්වය මැද වුවද මෙරට ආර්ථිකය සියයට 2.3 සිට 3.6 දක්වා වර්ධනය වී ඇතැයි, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැුකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ පෝෂණ, රාජ්‍ය සම්පත් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා* පැවසීය.

2019 දී සියයට 2.3 ක්වූ මෙරට ආර්ථික වර්ධන වේගය 2020 දී 3.6 දක්වා වර්ධනය වී ඇතැයි ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර මොහොමඞ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව යටතේ සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් 60,000 ක් බඳවාගෙන පුහුණුව ලබාදී රැකියා ස්ථීර කිරීමට හැකි වූ බව ද අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් 40,000 ක් සඳහා මේ වන විට රජයේ රැකියා ලබාදී ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

යහපාලන ආණ්ඩුව 2015 දී සංවර්ධන නිලධාරීන් ලෙස 794 ක් සහ 2017 වසරේදී 1922 ක් පමණක් බඳවා ගෙන ඇතැයි ද එම රජය රාජ්‍ය සේවයට අලූතින් බඳවාගත්තේ 22145 ක් පමණක් බව ද ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment