කොවිඩ් යළි ඉහළට

154

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීහු 50 ක් – දින 11ට මරණ 50 ක්
ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ටත් කොවිඩ් ආසාදන අවදානමක්
ඩෙංගු හැදුණු ළමයි 25 කුත් ළමා රෝහලේ

ප්‍රවේශම් වන්න – සෞඛ්‍ය අංශ ජනතාවට කියයි

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මේ වනවිට කොළඹ ජාතික, කළුබෝවිල, අයි ඩී එච්, රාගම යන රෝහල්වල කොවිඩ් රෝගීහු 200 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබති.

යළිත් රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී යෑමේ අවදානමක් මතුව ඇත.

ඉන් දෙදෙනෙක් රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 50 දෙනකු ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවසීය.

මෙම රෝගීන් විශේෂිත කොවිඩ් වාට්ටු 3ක 31, 14, 24 ප්‍රතිකාර ලබන බවද හෙතෙම කීය.

මීට අමතරව වෙනත් සමහර වාට්ටුවල මාස කීපයක සිට ප්‍රතිකාර ලබන සමහර රෝගීන්ටද කොවිඩ් අසාදනය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටද මේ වනවිට කොවිඩ් අවදානම මතුවී ඇතැයිද හේ කීය.

මුව ආවරණ ඇතුළු සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් මේ වනවිට නිසි ලෙස නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරවැන් 20 දෙනකු ප්‍රතිකාර ලබන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා “දිවයින”ට පැවැසීය.

දිනකට කොවිඩ් ආසාදිත රදැවන් 3ත් 4ත් අතර සංඛ්‍යාවක් රෝහල් ගතවන බවත් ඒ නිසා මේ දිනවල දරුවන් ආරක්‍ෂා කරගැනීම දෙමාපියන්ගේ වගකීමක් බපත් හෙතෙම කීය.

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ කොවිඩ් විශේෂිත වාට්ටුවක කොවිඩ් රෝගීන් 15 දෙනකු ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය “දිවයින”ට පැවසුවාය.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි ඩී එච් රෝහලේ මේ වනවිට කොවිඩ් රෝගීන් 60 දෙනකු ප්‍රතිකාර ලබන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා “දිවයින”ට පැවැසීය.

රාගම ශික්‍ෂණ රෝහලේද කොවිඩ් රෝගීන් 24 දෙනකු ප්‍රතිකාර ලබන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන් මහතා “දිවයින”ට පැවැසීය.

කොවිඩ් සමාජය තුළ වේගවත් පැතිරීමක් දක්නට ඇති බැවින් කොවිඩ් 4 වැනි එන්නත් මාත්‍රාව ලබාගැන්නැයිද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment