කොවිඩ් යළි එනවා: මාස්ක් අනිවාර්ය කරන්න – පීසීආර් පහසුකම් දෙන්න – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය

99

කොවිඩ් අවදානමක් ඇති බැවින් මුව ආවරණ පැලඳීම අනිවාර්ය කරන ලෙසත්, කොවිඩ් පී සී ආර් පරීක්‍ෂණ පහසුකම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට පවතින කොවිඩ් ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා “දිවයින”ට පැවැසීය.

මේ මොහොතේ මුව ආවරණ පැලඳීම අනිවාර්ය නොකළහොත් නැවත අතිවිශාල කොවිඩ් රැල්ලකට මුහුණදීමට සිදුවනු ඇතැයිද හෙතෙම කීය. නව කොවිඩ් ඔමික්‍රොන් වෛරසයේ රෝග ලක්‍ෂණ ලෙස කැස්ස හෝ උණට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්‍ෂණ ප්‍රකට බව පර්යේෂකයන් පෙන්වාදෙන බවද හෙතෙම පවසයි. එම රෝගය කෙටි කලකදී දරුණු ලෙස වර්ධනය වන බවත්, සමහර විට පැහැදිලි රෝග ලක්‍ෂණ නොමැති බවත්, වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහලුවලට කෙළින්ම ආසාදනය වන අතර, එය වෛරස් නියුමෝනියාවට හේතුවන බවත්, පසුව උග්‍ර ස්වසන පීඩනය ඇති කරන බවත් රවි කුමුදේශ් මහතා කියා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment