කොවිඩ් යළි එනවා; 4 වැනි එන්නත ගන්න මාර්ගෝපදේශ පිළිපදින්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

92

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියක් යළි පෙන්නුම් කරන බැවින් කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබාදෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ වහාම ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන අමතා දින ලබාගෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ ලබාගත හැකි බවත්, කොළඹ මහ රෝහලෙන් සහ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදීත් මෙම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවත් ඒ මහතා ඊයේ (19දා) දිවයිනට පැවසීය.

ඉකුත් දින කිහිපයට සාපේක්‍ෂව මෙරට කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි අනුගමනය කිරීම වැදගත් බවත් පැවසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොවිඩ් ඔමික්‍රොන් හෝ නව විකෘති ප්‍රභේද වල විශාල බලපෑමත්, කොවිඩ් රෝගීන් වාර්තාවීම දිනපතා යම් ඉහළ යෑමක් පෙන්වීමත් ‘නව රැල්ලක’ පෙර නිමිති විය හැකි බවත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment