කොවිඩ් යළි එනවා: 4 වැනි මාත්‍රාව ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

150

කොවිඩ් රෝගීන් යළිත් සමාජයෙන් හමුවෙමින් ඇති බවත්, ඒ නිසා කොවිඩ් සිව්වැනි මාත්‍රාව හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අවදානම් කණ්ඩායම් වන අවුරුදු 60 ට වැඩි සියලුම දෙනා කොවිඩ් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියි. කොවිඩ් සිව්වැනි එන්නත් මාත්‍රාව තවමත් ලබාගෙන ඇත්තේ 14,000 කටත් අඩු පිරිසක් බව ද සෑම කෙනකුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment