කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප‍්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සියදායකත්වය සපයයි

124

පවතින කොවිඞ් වසංගත තත්ත්වය තුළ හැකිතාක් ප‍්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී.

 2020 දී කොවිඞ් – 19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන් පීඩාවට පත් වූ ප‍්‍රජාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ, පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබාදීම මගින්ද සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන්ද හේමාස් කන්සියුමර් විසින් සිය දායකත්වය දක්වන ලදී.

 පසුගිය මාස තුන තුළ වසංගතය නව ඉහළ මට්ටමකට පැමිණීමත් සමඟම හඳුනාගත් ප‍්‍රජාවන් කිහිප දෙනෙකුගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් කඩිනමින් පියවර ගන්නා ලදී. මෙම පරිත්‍යාග මාලාව පිළිබඳව අදහස් දක්වමින් හේමාස් අලෙවිකරණ අධ්‍යක්ෂිකා ෆියෝනා ජුරියන්ස් මුණසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘ශ‍්‍රී ලාංකිකයින් වශයෙන්, මේ මොහොතේ රට මුහුණ දී සිටින මෙම වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා අපි සියලූ දෙනා එකිනෙකාට උදව් කළ යුතු බව අපි විශ්වාස කරනවා. හේමාස් කන්සියුමර් වශයෙන් අපි අපේ ප‍්‍රජාවන්ගේ සෞඛ්‍ය, යහපැවැත්ම සහ ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය දෙන අතර මෙම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඔවුන් සමඟ සිටීම තුළින් හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපි සහතික වෙනවා. මෙම ප‍්‍රජාවන්ගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් මුළු හේමාස් කණ්ඩායමම මෙම පරිත්‍යාග පිටුපස පෙළ ගැසී සිටිනවා. මෙම පියවරයන් තවදුරටත් පුළුල් කරමින් ඉදිරියටත් රටේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට සහයෝගය දැක්වීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment