කොවිඩ් වැළඳුණු කතක් මරුට: ආසාදිතයෝ 12 ක්

181

කොවිඩ් ආසාදිත මරණයක් හා කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු පෙරේදා (02 වැනිදා) වාර්තාවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.

කොවිඩ් ආසාදිතව මියගොස් තිබුණේ අවුරුදු 30 – 59 අතර වයසේ පසුවන කාන්තාවක බවද හෙතෙම කීය.

කොවිඩ් රැල්ල ආරම්භ වූ දා සිට මේ දක්වා වාර්තා වුණ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හයලක්ෂ හැට හතරදහස් එකසිය පනහක (6,64,150) දක්වා ඉහළ නැඟ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දහසය දහස් පන්සිය විසි එකක් (16,521) දක්වා ඉහළ නැඟ තිබේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් බව හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment