කොවිඩ් සහන ණය ප‍්‍රමාද වුණාට පොලී ගන්න බෑ

304

ණය ආපසු ගෙවීමේ නියමිත දිනය දින කිහිපයකින් ප‍්‍රමාද වුවත් එවැනි ප‍්‍රමාදයන් සඳහා බලපත‍්‍රලාභී බැංකු විසින් කිසිදු අමතර පොලියක් හෝ ගාස්තු අය නොකළ යුතු යැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මෙසේ ද කියයි.

දැනට පවතින සංචරණ සීමාවන් හේතුවෙන් බලපෑමට පත් ගනුදෙනුකරුවන් විසින් ණය ආපසු ගෙවීම් නියමිත දිනය දින කිහිපයකින් (උපරිම වැඩ කරන දින 15 ක් දක්වා) කල් දැමීමට කෙරෙන ඕනෑම ඉල්ලීමක් සලකා බලන ලෙස බලපත‍්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත.

මේ සහන යෝජනා ක‍්‍රමය සඳහා ඉල්ලූම් කිරීමට කැමති සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන් 2021.09.21 දින හෝ ඊට පෙර ඒ සඳහා බලපත‍්‍රලාභී බැංකුවෙන් ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතුය. නියමිත දිනයට පසුව ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් වුව ද, එසේ ප‍්‍රමාද වීමට හේතු පිළිගත හැකි නම් භාර ගන්නා ලෙස බලපත‍්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත.

අයැදුම්පත ප‍්‍රතික්ෂේප වීමකදී, බලපත‍්‍රලාභී බැංකු විසින් එවැනි ප‍්‍රතික්ෂේප කිරීම් හේතු සහිතව වඩාත් සුදුස ලෙස දින 14 ක් ඇතුළත පාරිභෝගිකයාට ලිඛිතව දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප‍්‍රතික්ෂේප කිරීමේ ප‍්‍රතිචාරය ගැන පාරිභෝගිකයා සෑහීමකට පත් නොවන්නේ නම්, වැඩිදුර සමාලෝචනය සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකු වෙබ් අඩවියේ :අඅඅගජඉිකගටදඩගකනරැුජෙරා) ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමේ පෝරමය භාවිතා කරමින් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට :ත්‍ක්‍ඍෘ) පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

කොවිඞ් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින්ට ලබාදුන් මේ සහන දීර්ඝ කිරීම ගැන පූර්ණ විස්තර සහිතව හෙට (10 දා) ‘දිවයින’ පුවත්පතේ විශේෂ ලිපියක් පළ වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment