කොවිඩ් සිරුරු 2802ක් භූමදානය කරලා

80

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු 2802ක් මේ වන විට මඩකලපුව ඔට්ටමාවඩි පිහිටි කොවිඩ් භූමදාන ප්‍රදේශයේ භූමදානය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 ප්‍රධාන සම්බන්ධීකාරකල වෛද්‍ය අන්වර් හම්දානි මහතා මේ බව කියා සිටින අතර ඒ සම්බන්ධයෙන් මෙසේද කියයි.

අපි ඒ ස්ථානය නම් කරන්නේ ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයක් හැටියට. මේ 13 වනදා දක්වා කොවිඩ් දේහ 2802ක් භූමදානය කරලා තිබෙනවා.

ඉන් 2501ක් ඉස්ලාම් ආගමිකයින්, 160ක් හින්දු භක්තිකයන්, කතෝලික 53ක් සහ බෞද්ධයන් 88ක් භූමදානය කරලා තියෙනවා.

එම ස්ථානයේ තවදුරටත් ඉඩ පහසුකම් තියෙනවා. නමුත් විකල්ප සුසාන භූමි හැටියට ත්‍රිකුණාමලයල මඩකලපුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් යෝජනා ඇවිත් තියෙනවා යැයි හෙතෙම සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment