කොවිඩ් හඳුනාගන්න මොබයිල් ඇප් එකක් – විනාඩි කිහිපයකින් නිරීක්‍ෂණයත් පුළුවන් ක්‍ෂණික වෛද්‍ය උපකාර ලබා ගැනීමේ හැකියාව

292

බටහිර රටවල භාවිත වන ආකාරයෙන් කොරෝනා වසංගත සමයේ විනාඩි කිහිපයක් තුළ තමාට කොරෝනා ආසාදනය වැළඳී ඇත්දැයි පරීක්‍ෂා කර බැලිය හැකි කොවීඞ් -19ට එරෙහි ස්මාර්ට් පලිහ (සෙල්ෆ් ෂීල්ඞ්) යනුවෙන් හැඳින්වෙන නව ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් මෙරට ජනතාවට හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප‍්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීමේ අරමුණීන් හඳුන්වා දී ඇති මෙම ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පරිශීලකයන්ට කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් තම සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර බලා ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැක. සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් ඇතිනම් හැකි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය හැකිය. විනාඩි කිහිපයකින් පරිශීලකයාගේ පෙනහළුවල ක‍්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්,තමන්ගේ  සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ වාර්තා ලබාගැනීමටත් එම වාර්තා මගින් ලැබෙන උපදෙස් අනුව, පරිශීලකයාට පමා නොවී වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමටත් කටයුතු කළ හැක.

තවද පිරික්සුම් දත්ත ස්වයංක‍්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඞ් -19 වැඩසටහනට ඇතුළත් වීමට පරිශීලකයින්ට මෙම යෙදුම මඟින් ඉඩ ලබා දේ. වෛද්‍ය කණ්ඩායම විසින් මෙම පිරික්සුම් වාර්තා ස්වයංක‍්‍රීය ක‍්‍රියාවලීන් මගින් ඇගයීමට ලක් කරන අතර ක්ෂණික වෛද්‍ය උපකාර අවශ්‍ය පරිශීලකයින්ට අවශ්‍ය සේවාවන් ලබා දෙනු ඇත. එම නිසා, යෙදුම භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකා පුරවැසියන්ට කොරෝනා ආසාදනය නිසා ඇති වන බරපතළ සංකූලතා වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව සොයා බැලීමටත් කඩිනමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ .

ඩිජිටල් සෞඛ්‍ය පිළිබද පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) සහ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමයේ (HISSL) හි මඟපෙන්වීම යටතේ ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් සෙල්ෆ් ෂීල්ඞ් යෙදුම නිපදවා ඇත.එය ප‍්‍රථම වරට 2020 ජූලි මාසයේදී නිකුත් කර තිබේ. දැන් එය Google සහ Apple  යෙදුම්හල් (App Stores) හරහා ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මෙම යෙදුම බාගත කිරීම (ඩවුන්ලෝඞ්* සඳහා, අදාළ යෙදුම්හල වෙත ගොස් ‘Self Shield’ ලෙස ටයිප් කර යෙදුම සොයා ගත යුතුය.

පසුව, යෙදුම ස්මාර්ට් ජංගම දුරකතනයේ ස්ථාපනය කිරීම අවශ්‍ය වේ.ගිණුම සුරක්ෂිත කිරීම සඳහා පරිශීලකයා ලියාපදිංචි විය යුතුය. මෙම ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදය, පරිශීලකයාගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කරයි.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment