කොවිඩ් හැදී මියගිය 2/3 ක්ම හරියට  එන්නත් ගෙන නෑ

286

කොවිඩ් ආසාදිතව මියගිය තුනෙන් දෙකක්ම කොවිඩ් මර්දන එන්නත් මාත‍්‍රා තුනම ලබා නොගත් අය බවට හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

එසේම මේ දක්වා බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබාගෙන ඇත්තේ ද සියයට 39ක ප‍්‍රමාණයක් බව ද හෙතෙම කීය.

බොහෝදෙනා මිථ්‍යා මත විශ්වාස කරමින් බූස්ටර් එන්නත ලබා නොගැනීම මරුවා තමා කරා කැඳවා ගැනීමක් බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර, රට තුළ කොවිඩ් පරීක්ෂණ කට්ටලවල කිසිදු හිඟයක් නොමැති බව ද ඒ මහතා කීය.

දැනට පවතින ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවලට අමතරව තවත් මිලියනයකට ආසන්න ඇන්ටිජන් කට්ටල ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment