කොවිඩ් හිස ඔසවයි ආර්ථිකයට යළි රිදෙයි: මහ බැංකුව කියයි

384

ගෝලීය වශයෙන් මෙන් දේශීය වශයෙන් යළිත් කොවිඞ් ආසාදිතයන්ගේ අඛණ්ඩ වැඩිවීම රටේ ආර්ථික ආරක්ෂාවන්ට යම් දුරකට බලපෑමක් ඇති කරනු ඇතැයි මහ බැංකුව පවසයි. 2021 ඔක්තෝබර් මාසයේදී කොරෝනා සංචරණ සීමා ඉවත් කිරීම හා රට පුරා කොවිඞ් එන්නත්කරණය සාර්ථකව සිදුකිරීම ඉදිරි කාලයේ ආර්ථික කටයුතු වර්ධනය සඳහා උපකාර වනු ඇති බව ද මහ බැංකුව පවසයි.

මේ වසරේ (2021) පළමු මාස හයේදී ආර්ථික කටයුතු වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළත් ‘කොවිඞ් 19’ වසංගතය යළි ව්‍යාප්තවීම සහ එහි බලපෑම නිසා නිෂ්පාදන කටයුතුවලට අවහිරතා ඇතිවී තිබේ. මේ නිසා මේ වසරේ (2021) තුන්වන කාර්තුවේදී දැනට පවතින ආර්ථික කටයුතු යථා තත්තවයට පත්වීමට යම් බලපෑමක් ඇතිව තිබෙන බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ වසරේ (2021) ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වනු ඇතැයිද මහ බැංකුව පුරෝකථනය කර ඇති අතර කොවිඞ් ආසාදිතයන්ගේ අඛණ්ඩ වැඩිවීම මේ ආර්ථික අපේක්ෂාවන්ට යම් දුරකට බලපෑම් ඇති කරනු ඇතැයි ද මහ බැංකු නිකුත් කළ නවතව වාර්තාවේ සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment