කොවිඩ් 19 පාලනයට බෙහෙත් වට්ටෝරුවක්

667

රට තුළ දැඩි සීමාවන් පනවා තිබියදීත් කොවිඞ් -19 වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවේ මේ වනවිට වැඩියෙන් ප‍්‍රචලිත වෙයි. මෙම තත්ත්වය සැහැල්ලූවට ගත යුතු නොවේ. මුල් ”වූහාන්’’ වෛරසයට වඩා දස ගුණයකින් ඩෙල්ටා ප‍්‍රභේදය බෝවන නමුත් මරණ අනුපාතය 1% ට වඩා අඩු මට්ටමක පවතී. වර්තමාන උපනතියට අනුව, මාස ගණනක් තුළ මෙරට සිටින පුද්ගලයන්ගෙන් අඩකට වඩා වෛරසය ආසාදනය වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත්, ආසාදිතයන්ගෙන් 95% කටත් වැඩි පිරිසකට තම නිවෙස්වලම රෝගය සුව කරගත හැකිය.

වෛරසය ආසාදනය වී ඇතැයි පී.සී.ආර්. පරීක්ෂණවලින් කෙරෙන නිගමනවලින් 35% ක් පමණ වැරදිය. කෙසේ වෙතත්, පී.සී.ආර්. යනු හඳුනාගැනීම් පරීක්ෂණයකි. ප‍්‍රතිදේහජනක පරීක්ෂණය (RAT test) විශ්වාස කළ නොහැකි නිසා වේගවත් පී.සී.ආර්. පරීක්ෂණයකින් එය ප‍්‍රතිස්ථාපනය කළ යුතුය.

දැනට සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව රටට අවශ්‍ය ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් පමණි. එම නිසා, කොවිඞ් -19 රෝග විනිශ්චය හා ඒ ආශ‍්‍රිත මරණ පිළිබඳව අඩුවෙන් තක්සේරු කෙරෙමින් පවතී. පී.සී.ආර්. පරීක්ෂණය තවදුරටත් සීමා කළහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. එවිට කොවිඞ් රෝගයෙන් පෙළෙන බොහෝ අය රෝහල්වලින් පිටතදී හඳුනා නොගෙන මියයනු ඇත.

කොවිඞ්-19 සුව කිරීමට ඖෂධ නොමැත. ඇති එකම ක‍්‍රමය නම් ”තමන්ගේම’’ ශක්තිමත් ප‍්‍රතිශක්තිකරණයයි. ප‍්‍රතිශක්තිය අඩු වීම නිසා, සංකූලතා සහ මරණ සංඛ්‍යාව වැඩි වනු ඇත.

එන්නත්කරණය

එන්නත් මඟින් පුද්ගලයන් බරපතළ සංකූලතා හා මරණවලින් ආරක්ෂා කරයි. නමුත් අනෙක් අයට ආසාදනය වීම වළක්වන්නේ නැත.

සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ නිසි ලෙස භාවිතා කිරීම

ඵලදායී මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සහ සියලූ, සිද්ධීන්, දේශපාලන හා ආගමික රැස්වීම් තහනම් කිරීම යන තීරණාත්මක මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මහජනතාව වෙත අවධාරණය කළ යුතුය.

කේ 95 හෝ කේ.එන්. 95 වැනි ඵලදායි මුව ආවරණ රජය විසින් නොමිලයේ මහජනයාට ලබා දිය යුතුය. ඒවා ආරක්ෂිතව බැහැර කිරීමේ ක‍්‍රියාවලියක්ද හඳුන්වා දිය යුතුය. මුව ආවරණ නිශ්චිත ප‍්‍රමිතියකට නිෂ්පාදනය කිරීම අනිවාර්ය කළ යුතු අතර අඩු මිලකට ඒවා නිෂ්පාදනය කිරීමට දේශීය ඇඟලූම් කම්හල්වලට පැවරිය යුතුය. නිවෙස්වල හදන ලද රෙදි මුව ආවරණ පැළඳීමෙන් හෝ මුව ආවරණ අනිසි ලෙස භාවිතා කිරීමෙන් වෛරස් පැතිරීම වැළැක්වෙන්නේ නැත.

කොවිඞ් වෛරසය සමඟ සෘජුවම මුහුණ දෙන සෞඛ්‍ය සේවකයන්ට පුද්ගලික ආරක්ෂක කට්ටල සැපයිය යුතු අතර, සේවා මුරයක්ම පැය හයකට නොවැඩි විය යුතුය. එය සෞඛ්‍ය සේවකයන්ගේ යහපැවැත්මට මෙන්ම සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට ද ඉතා වැදගත් ය. රෝහලකට ඇතුළු වන සෑම කෙනකුටම වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා නොමිලේ මුහුණු ආවරණ ලබා දීමට රෝහල්වලට නියෝග කළ යුතුය.

නිවාස නිරෝධායනය

පී.සී.ආර්. පරීක්ෂණය මඟින් කොවිඞ්- 19 අසාදිත බව තහවුරු වූ පසු රෝග ලක්ෂණ රහිත අවස්ථාවේ දී හෝ සුළු රෝග ලක්ෂණ සහිත මුල් අවදියේ දී නිවසේ නිරෝධායනය කිරීම හොඳම විකල්පයයි. පී.සී.ආර්. පරීක්ෂණය 100% නිවැරදි නොවන හෙයින්, ආසාදිත නොවන පුද්ගලයන් සදාචාර විරෝධී ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ රෝහල්ගත කිරීම සුදුසු නැත. එසේ කළහොත් ඔවුන්ට වෛරසය ආසාදනය වීමේ ඉහළ අවදානමක් ද ඇත. එම නිසා ප‍්‍රකෘති තත්ත්වයට පත්වීමට හොඳම තැන නිවසයි. නිවාස රැුකවරණය ලබන පුද්ගලයන් සඳහා අවශ්‍ය වූ විට ඍජුවම සම්බන්ධ වීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ දුරකථන අංක සහ ක්ෂණික ඇමතුම් අංක ලබා දිය යුතුය. ඔවුන්ගේ නිවෙස් ලේබල් කිරීම සහ පවුල් අපකීර්තියට පත් කිරීම සදාචාර විරෝධී වන අතර එය නැවැත්විය යුතුය.

නිවසේදී, හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. 95% ට වඩා අඩු ප‍්‍රතිශතයකට ඔක්සිජන් මට්ටම පහත වැටීමක් පෙන්නුම් කළහොත් වෛද්‍ය ආධාර ලබාගැනීම හෝ රෝහලකට ඇතුළත්වීම සිදුවිය යුතුය. නිවෙස් තුළ රැුකබලා ගන්නා සියලූ පුද්ගලයන්ට ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔක්සිමීටර තාවකාලිකව භාවිතය පිණිස ලබා දිය යුතු ය. මෙය කළ නොහැකි අවස්ථාවන් හි දී, නිවසේ රැුකබලා ගන්නා පුද්ගලයකු කාංසාව හෝ ව්‍යායාම කිරීමෙන් පසු නොවන අවස්ථාවක හුස්ම ගැනීමේ අපහසුතාවයක් පිළිබඳව පැමිණිලි කරන විට ප‍්‍රජා හෙදියක විසින් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එම පුද්ගලයාගේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කළ යුතුය. ඉන් පසුව එම පුද්ගලයාට ඔක්සිජන් ලබා දීම, ද්විතියික බැක්ටීරියා ආසාදනය සඳහා ප‍්‍රතිජීවක ඖෂධ හෝ ඩෙක්සමෙතසෝන් (dexamethasone) ලබාදීම අවශ්‍යද යන්න වෛද්‍යවරුන් විසින් තීරණය කළ යුතුය.

ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම

වෛරස් රෝගවලට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ (ඇලෝපති* පුහුණුව ලද වෛද්‍යවරුන් විසින් තවම, සජීවීව මැදිහත් වන්නේ නැත. කොවිඞ්-19 නිසා ඇති වන සංකූලතා, රෝහල් ගතවීම් සහ මරණ වැළැක්වීම සඳහා මෙම වැරදි අදහස නිවැරදි කළ යුතුය. එසේ නොකිරීම සදාචාර විරෝධී ය.

ප‍්‍රතිශක්තිය, විටමින් ඞී (Vitamin – D) සහ වෛරස ආසාදනය වැළැක්වීම

ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ 75% ක ක‍්‍රියාත්මකත්වය විටමින්-D මත රඳා පවතින බව ඇස්තමේන්තු කර ඇත. තම රටේ ජනගහනය තුළ රුධිරයේ 25(OH)D සාන්ද්‍රණය අඩුම රටවල් 2020 දී කොවිඞ්-19 වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වූ අතර වැඩිම මරණ සංඛ්‍යාවක්ද එවැනි රටවලින් වාර්තා විය. එම නිසා, වැඩිහිටියන්ට මෙන්ම රෝගයේ සංකූලතාවයන් අවදානම් තත්ත්වයට පත්විය හැකි අවු. 60 ට වැඩි පුද්ගලයන්ට, විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හා ගැබිනි මව්වරුන් වැනි අයට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් රජය සෑම කෙනකුටම ඉහළ මාත‍්‍රාවකින් විටමින් D අතිරේකයන් ලබා දිය යුතුය. රෝහල් කාර්ය මණ්ඩල, ගුරුවරුන්, පොලිසිය, තැපැල් සේවකයන්, බස් හා කුලී රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් වැනි මහජනතාව සමඟ නිතරම ගනුදෙනු කරන අයට රෝග ලක්ෂණ ඇතිවීම වැළැක්වීම සහ රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ නැංවීම වෙනුවෙන් විටමින් D අධි-මාත‍්‍රාවක් ලබා දිය යුතුය.

ඊට අමතරව, ආරක්ෂිතව හිරු එළියට නිරාවරණය වීම පිළිබඳව ජනමාධ්‍ය තුළින් ජනතාවට සෘජු උපදෙස් ලබා දීම අවශ්‍ය වේ. දිනපතා උදෑසන 10.30 සහ ප.ව. 1.30 අතර විනාඩි 30 සිට 60 දක්වා කාලයක් තම මුහුණු සහ ඇස් ආරක්ෂා කර ගනිමින්ම සම මතුපිටින් තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක් සෘජු හිරු එළියට නිරාවරණය කිරීමට උනන්දු කරවිය යුතුය.

ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ප‍්‍රශස්ත ක‍්‍රියාකාරීත්වයට, මානසික හා ශාරීරික සහය, ප‍්‍රමාණවත් නින්ද, සහ ක්ෂුද්‍ර පෝෂක, එනම් සින්ක්, ඔමේගා -3 මේද අම්ල (මාළු තෙල්*, විටමින් කේ 2, රෙස්වෙටරෝල්, ක්වෙර්සෙටින්, විටමින් සී, බී සංකීර්ණය, සහ මැග්නීසියම් ප‍්‍රමාණවත් ලෙස ගැනීම ද අවශ්‍ය වේ. මෙම සංයෝජනය මඟින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමට විටමින් D සහය වෙයි. කෙසේ වෙතත්, මෙම පෝෂ්‍ය පදාර්ථ අඩුපාඩු මඟහරවා ගැනීමට සහ රුධිර මට්ටම සහ ප‍්‍රතිශක්තිකරණ ඉහළ නැංවීමට මාස ගණනක් ගත වේ.

ආසාදනය වූ පසු බරපතළ වීම වැළැක්වීමට සහ සුව කිරීම

ඩෙල්ටා ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් දින පහක දී වර්ධනය වන අතර එය පහව යෑමට දින දහයක් පමණ ගත වේ. විටමින් D ඌනතාවය ඇති අයට කෙටි කාලයකින් රෝග ලක්ෂණ මතු වෙයි. පසුව එම රෝග ලක්ෂණ උත්සන්න වී ශරීර පටකවල ඔක්සිජන් අඩු වීම නිසා හයිපොක්සියා තත්ත්වයට පත් වීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර අවශ්‍ය වනු ඇති අතර සුවය ලැබීමට දිගු කාලයක් ගත වීමට හෝ මරණය පවා සිදුවීමට ඉඩ ඇත.

කොවිඞ්-19 වසංගතය හමුවේ මහජනතාවට වැදගත් නිර්දේශ

x ස්වයං නිරෝධායනය : අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර නිවසින් බැහැරව නොයන්න. සුපිරි වෙළෙඳසල්, කාර්යාල, සැලූන් වැනි වායුසමීකරණය කළ පරිසරයන් තුළ ඉතාමත් කෙටි කාලයක් පමණක් රැුඳී සිටින්න.

x මහජන සෞඛ්‍ය පියවරයන් දැඩි ලෙස පිළිපදින්න: KN 95 වැනි ඵලදායි මුව ආවරණ පළඳින්න. අවදානම් සහිත ප‍්‍රදේශවල මුව ආවරණ දෙකක් පැළඳින්න. දැඩි සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම සහ රැුකියාවට යෑමේදී හෝ නිවසට පැමිණීමේදී අත් සේදීම, සහ පවුලේ නොවන අය අතර ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම වැදගත් බව සලකන්න. එනමුත් නැවුම් වාතය ලබාගැනීමට සහ ව්‍යායාම කිරීමට දිනපතා ජනශුන්‍ය එළිමහන් අවකාශයන්හි ඇවිදින්න.

x මුදල් හසුරුවන්නන් (එනම්, මුදල් අයකැමියන්, ටිල් කළමනාකරණය කරන්නන්, බස් කොන්දොස්තරවරුන්, ප‍්‍රවේශ පත‍්‍ර කාර්යාල* සහ ආහාරපාන කාර්ය මණ්ඩලය හැර අන් අය, අත්වැසුම් පැළඳීම අහිතකර ය: එය ස්වයං-ආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකිය.

x පෙනහලූ පුළුල් කිරීම සඳහා දිනකට කිහිප වතාවක් ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම කරන්න.

x අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමෙන් වළකින්න. මානසික ආතතිය අවම කර ගන්න, භාවනා කිරීම, යෝගා කිරීම, පවුලේ සාමාජිකයන් සමඟ සංගීතය වාදනය සහ ගෘහස්ථ ක‍්‍රීඩා වැනි විවේකී ක‍්‍රියාකාරකම්වල යෙදෙන්න.

x සෑම අයකුම අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීම සඳහා එළවළු සහ පළතුරු, සහ මල බද්ධය වළක්වා ගැනීම සඳහා සහ කෙඳි සහිත ආහාරවලින් පරිපූර්ණ සමබල ආහාර වේලක් ලබා ගන්න. දුම්පානය සහ මධ්‍යසාර භාවිතයෙන් වැළකෙන්න. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග හොඳින් පාලනය කර ගන්න. එමෙන්ම විජලනය වීම වැළැක්වීම සඳහා හොඳින් ජලය සහ දියර වර්ග පානය කිරීමට ද අමතක නොකරන්න.

වෛද්‍ය සුනිල් විමලවංශ,
අන්තරාසර්ග විද්‍යාව සහ පෝෂණය පිළිබඳ මහාචාර්ය, අධ්‍යක්‍ෂ,
හෘද පරිවෘත්තීය හා අන්තරාසර්ග ආයතනය, නිව් ජර්සි, ඇමෙරිකා එක්සත් ජනපදය

advertistmentadvertistment
advertistmentadvertistment