‘කොවිෂීල්ඞ්’ ගත් ඉන්දීය ජාතිකයන්ට එංගලන්තය පනවා තිබූ සීමාවන් ඉවතට

182

එංගලන්තයට පැමිණෙන සම්පූර්ණ කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රාවන් ලබාගත් ඉන්දීය ජාතිකයන් සඳහා පනවා තිබු සීමාවන් මෙම මස 11 වැනිදා සිට ඉවත් කිරීමට එංගලන්ත රජය විසින් තීරණය කර තිබේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඞ් -ඇස්ට‍්‍රා සෙනෙකා වර්ගයට අයත් ‘කොවිෂීල්ඞ්’ එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් ඉන්දියානු ජාතිකයන් එංගලන්තයට පැමිණි පසු සිය පුද්ගලික වියදමින් දින 10ක කාලයක් හෝටල්වල නිරෝධායනය වීමට හා කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීම එංගලන්ත බලධාරීන් විසින් නියම කර තිබුණු අතර එයට ඉන්දීය ජාතිකයන් රැසකගේ විරෝධය පළ වී තිබිණි.

 ඉන්දීය රජය ද එංගලන්ත රජයේ මෙම තීරණය හෙළා දැක තිබූ අතර දිගින් දිගටම එංගලන්ත රජය විසින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඞ් කොරෝනා මර්දන එන්නත පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් එරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ට සීමා පැනවීමට එරෙහිව ඉන්දියාවට පැමිණෙන සියලූ එංගලන්ත ජාතිකයන්ට ද ඉකුත් සඳුදා (04) සිට සීමාවන් පැනවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඉන්දියාවට පැමිණෙන සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගත් එංගලන්ත ජාතිකයන්ට ද හෝටල් නිරෝධායනය අනිවාර්ය කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේය. මසකට පමණ පෙර කොවිෂීල්ඞ් එන්නත පිළිගැනීමට ද එංගලන්තය මැළි වූ නමුදු ඉන්දීය ජාතිකයන්ගේ බලවත් විරෝධය මැද එය පසුව පිළිගැනීමට පියවර ගෙන තිබිණි. සිය රටට සෙසු රටවලින් පැමිණෙන සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා ගත් විදේශිකයන්ට ඉන්දීය ජාතිකයන්ට මෙන් සීමා නොපැනවීම හේතුවෙන් ඉන්දියාව හා එංගලන්තය අතර පවතින සබඳතා පසුගිය දිනවල පළුදු වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment