කොස්ගොඩ, දූවේමෝදර ගගේ දිය නෑ – සීයා සහ මුණුබුරෝ දෙදෙනා ගිලී මියයති

258

කොස්ගොඩ, දූවේමෝදර ගගේ ගිලී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සීයා පෙරේදා (10) දහවල් අතුරුදන් වී තිබේ.

කොස්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් පෙරේදා (10) සවස 4.00 ට පමණ ඔවුන් තිදෙනා සොයා ගනු ලැබීය. එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නාඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් දරුවන් දෙදෙනා බළපිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට කටයුතු කළේය.

දරුවන් දෙදෙනා බළපිටිය රෝහලට ගෙන යෑමෙන් පසුව ප‍්‍රතිකාර කරන ලද අතර පෙරේදා (10) ප.ව 6.00 ට පමණ දරුවන් දෙදෙනාද මියගොස් තිබෙන බව බළපිටිය මූලික රෝහල විසින් තහවුරු කළේය.

කොස්ගොඩ, දූවේමෝදර ගගේ දිය නෑ - සීයා සහ මුණුබුරෝ දෙදෙනා ගිලී මියයති


අගම්පොඩි ඉන්දික මෙන්ඩිස් (62) සසිත තත්සිදු කන්දඋඩ (06) සහ සමිත තත්සිදු කන්දඋඩ (06) යන තිදෙනා මෙලෙස දියේ ගිලී මිය ගියේය. නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන මෙම දරුවන් දෙදෙනා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ 01 ශේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

දරුවන්ගේ මව කොස්ගොඩ, නාපේ ප‍්‍රදේශයේ බවත් ගාල්ල, දඩල්ලේ පදිංචිව සිටින ඔවුන් සිකුරාදා (09) සිය දෙමාපියන්ගේ නිවෙස වෙත පැමිණ ඇති බවත් කොස්ගොඩ පොලීසිය කියයි. එසේ පැමිණ පෙරේදා (10) පෙරවරුවේ දරුවන් දෙදෙනා සිය, සීයා (මවගේ පියා) සමග කොස්ගොඩ ගගේ දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දරුවන්ගේ මව සහ මියගිය දරුවන්ගේ සීයාගේ සහෝදරයාද ගං ඉවුරේ සිට ඇති අතර ඔවුන්ද සිද්ධිය සියසින් දැක ඇත.

සීයා මුණුපුරන් දෙදෙනාද සමග ඔරුවකින් ගගේ මදක් දුරට ගොස් ඔරුව අල්ලාගෙන දිය නාමින් සිට ඇති අතර ඔරුව පෙරලීමෙන් මෙම අනතුරු සිදුව තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. සීයා දරුවන්ට ආරක්ෂාව සලසමින් දරුවන්ට දිය නෑමට සලස්වා ඇති බවත් ඔරුව පෙරලීමෙන් පසු සීයාගේ ග‍්‍රහණයෙන්ද දරුවන් මිදී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුව සීයාද දරුවන් බේරා

ගැනීමට දැරූ උත්සාහයේදී ඔහුද දියේ ගිලී මියගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.

කොස්ගොඩ, දූවේමෝදර ගගේ දිය නෑ - සීයා සහ මුණුබුරෝ දෙදෙනා ගිලී මියයති


අනතුරින් මියගිය දරුවන්ගේ සහ සීයාගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා (10) සවස සිද්ධිය වූ ස්ථානයේදී සහ ඊයේ (11) බළපිටිය මූලික රෝහලේදී ඉදුරුව හදිසි මරණ පරීක්ෂක පරාක‍්‍රම අකුරැුටියගම මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔහු විසින් බළපිටිය මූලික රෝහලට දැනුම් දී තිබේ. බළපිටිය මූලික රෝහලේදී එම මෘත දේහයන් සම්බන්ධයෙන් පීසිආර් පරීක්ෂණයක් සිදු කරන බවත් එයින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවත් බළපිටිය මූලික රෝහලේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල ද සොයිසා, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී කේ වීරරත්න, පොලිස් සැරයන් පියතිලක (32674) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment