කොස්ගොඩ සුජීගේ බව කියන කෝටි 290 ක කුඩු බේරුවල මුහුදෙන් අල්ලයි… අල්ලන විට විසිකළ කෝටියක කුඩු අහුන්ගල්ල වෙරළින් හමුවේ

217

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජීට අයත් බවට සැකකරන රුපියල් කෝටි 290 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් ධීවර බෝට්ටුවකින් රැගෙන එමින් තිබියදී බේරුවල මුහුදේදී ඊයේ (31 වැනිදා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය රැගෙන ආ ජාවාරම්කරුවන් පස්දෙනකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය නාවික හමුදාව සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

කොස්ගොඩ සුජීගේ බව කියන කෝටි 290 ක කුඩු බේරුවල මුහුදෙන් අල්ලයි... අල්ලන විට විසිකළ කෝටියක කුඩු අහුන්ගල්ල වෙරළින් හමුවේ

බේරුවල ධීවර වරායට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත‍්‍රාවක තිබියදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කිලෝග‍්‍රෑම් 290 යි ග‍්‍රෑම් 200 ක් බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මෙම හෙරොයින් තොගය රැුගෙන ආ බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් මාෂි 3 බලපිටිය නම් වූ බහුදින ධීවර යාත‍්‍රාවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරයට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරක් ඔස්සේ නාවික හමුදා වෙරළ ආරක්‍ෂක බළකාය සිදුකළ මෙහෙයුමකදී මෙම ධීවර යාත‍්‍රාව සිය භාරයට ගැනීමට හැකිවූ අතර පසුව එය බේරුවල පිහිටි මධ්‍යම යාන්ත‍්‍රික වැඩපොළේ බෝට්ටු අංගනය වෙත ගෙනැවිත් පරීක්‍ෂා කර ඇත.
එහිදී ඝන පොලිතින් ඇසුරුම් පොහොර උර 14 ක බහා තිබූ හෙරොයින් තොගය සොයා ගැනීමට හැකිවිය.
මෙම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනා මුහුදු ගොස් ඇත්තේ ඉකුත් ජුලි මස 30 වැනිදාය.

පාකිස්තානයේ හෝ ඇෆ්ගනිස්ථානයේ සිට රැුගෙන ආ බවට සැකකරන මෙම හෙරොයින් තොගය සැකකරුවන් විසින් ගැඹුරු මුහුදේදී මෙම ධීවර යාත‍්‍රාවට පටවා ගෙන බේරුවල මුහුදු වෙරළට ගෙනැවිත් ඇති බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මෙහිදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් පස්දෙනා බලපිටිය, අහුන්ගල්ල, මාකුඹුර, වතුරේගම, වැලිවත්ත ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 32, 34, 37, 53 සහ 57 යන වයස් සීමාවල පසුවන්නන් බවද පොලිසිය වැඩිදුරටත් කීය.

මෙම හෙරොයින් තොගයේ හිමිකරු බවට සැකකරන කොස්ගොඩ සුජී නැමැත්තා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර ඔහු එහි සිට මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවන බවද හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත ඊයේ පෙරවරුවේ ගෙනැවිත් තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශනය පවත්වාගෙන යයි.

මේ අතර හෙරොයින් බවට සැකකරන කිලෝ එකක් පමණ බරැුති බෑගයක් අහුන්ගල්ල එගොඩමුල්ල වෙරළට ගොඩගසා තිබියදී ඊයේ (31දා* දහවල් සොයාගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අද අලූයම නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 290 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද මාෂි 03 නමැති බහුදින යාත‍්‍රාවෙන් මෙය මුහුදට විසි කරන ලද එකක් බවට සැක කරන බවය.

මෙම බෑගයද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දීමට නියමිතව තිබිණ. කිලෝ 25 ක් පමණ මෙහෙයුම සිදුවෙද්දී මුහුදට වීසිකර ඇති බව හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ.

හේමන්ත රන්දුණු, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, විජයසිරි විiාසේකර සහ  උණවටුන – ඞී. ජී. සුගතපාල

advertistmentadvertistment
advertistmentadvertistment