කොස්තාපල්වරියකට අතවර කර සැඟව සිටි සෙවනගල ඕඅයිසී රිමාන්ඩ්

850

පොලිස් කොස්තාපල්වරියක් අතවරයට ලක් කර සැඟවී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර ස්ථානාධිපති වරයා සැප්තැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා 29දා නියෝග කරනු ලැබීය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සෙවනගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක කේ.වී.සී. දීපාල් නමැති අයයි. තමන්ව අතවරයට ලක්කල බවට සෙවනගල පොලිසියේ සේවය කරනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරියක් විසින් සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් මුලස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණ ආරම්භ කෙරුණි. එහිදී පොලිස් මුලස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් කරනු ලැබූ පරීක්ෂණවලට සහය නොදක්වමින් අදලා ස්ථානාධිපතිවරයා සැඟවී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ෂණ කටයුතු සිදුවෙමින් පැවතීම හේතුවෙන් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා පසුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යාංශයට භාර වීමෙන් අනතුරුව එම කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකාර ස්ථානාධිපති වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි.

එම අවස්ථාව වන විටත් සැකකාර ස්ථානාධිපති වරයා වෙනුවෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්ද නීතීඥ්‍ය විජිත ජී. පුංචිහේවා මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබූ නමුත් එය ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපති කේ.වී.සී. දීපාල් සැප්තැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment