කොස්වාඩිය විජය සහ දෙබෑගම රන්තරු – ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා දිනති

240

ශී‍්‍ර ලංකා වොලිබොල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල්’ තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට කොස්වාඩිය විජය කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත් වූ අතර එහි පිරිමි ශූරතාව දිනා ගැනීමට දෙබෑගම රන්තරු කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත්විය. එ් ඊයේ (05 වැනිදා) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහා තරගවලදී පිළිවෙළින් ගලිගමුව හයිඩ‍්‍රාමනි කණ්ඩායම සහ නාත්තන්ඩිය යුනයිටඞ් කී‍්‍රඩා සමාජ කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ඊයේ සවස 1.00ට ආරම්භ වූ කාන්තා අවසන් මහා තරගයේදී ගලිගමුව හයිඩ‍්‍රාමනි කණ්ඩායම සහ කොස්වාඩිය විජය කී‍්‍රඩා සමාජ කණ්ඩායම තරග වැදිණි. එහිදී පළමු තරග වටය ලකුණු 25-18ක් ලෙස ජය ගැනීමට හයිඩ‍්‍රාමනි කී‍්‍රඩිකාවෝ සමත්වූහ. අනතුරුව පැවැති දෙවැනි වටයේදී පළමු වටයේ සිදුවූ වැරදි නිවැරදි කරමින් ලකුණු 25-13ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට කොස්වාඩිට විජය කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත්වූවාය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ තෙවැනි වටය ලකුණු 25-24ක් ලෙස ජය ගැනීමට නැවතත් විජය කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත්විය. එ් අනුව තීරණාත්මක සිව්වැනි වටයේදී කණ්ඩායම දෙකම කරට කර සටනක නියැළුණද අවසානයේදී ලකුණු 25-20ක් ලෙස එම තරග වටය ජය ගනිමින් ශූරතාව දිනා ගැනීමට කොස්වාඩිය විජය කී‍්‍රඩා සමාජ කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

පිරිමි අවසන් මහා තරගයේදී පළමු තරග වටය 25-14ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට යුනයිටඞ් කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත්විය. එ් අනුව එම කණ්ඩායම පළමු වටයෙන් පෙරමුණ ගැනීමට සමත්වීද අනතුරුව පිළිවෙළින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි වට සියල්ල ජය ගනිමින් ශූරතාව දිනා ගැනීමට දෙබෑගම රන්තරු කී‍්‍රඩා සමාජ කණ්ඩායම සමත්විය. එහිදී දෙවැනි වටය ලකුණු 25-23ක් ලෙසත් තෙවැනි වටය ලකුණු 25-16ක් ලෙසත් ජය ගැනීමට රන්තරු කී‍්‍රඩකයෝ සමත්වූහ. තීරණාත්මක අවසන් තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී දෙබෑගම රන්තරු කී‍්‍රඩා සමාජය ලකුණු 28-26ක් ලෙස තියුණු ජයක් වාර්තා කළේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment