කොස් ගසක් කැපූ අය පොල් ගසකට යටවී මරුට

219

බළන්ගොඩ පින්නවල පල්ලේවෙල ප‍්‍රදේශයේ විසූ හතලිස් පස් හැවිරිදි පුද්ගලයෙකු පොල් ගසකට යට වී (10) මරණයට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ කේ.එම්.ආර්. ජයරත්න කුමාර (45) නමැති දෙදරු පියෙකි.

පොලිසිය විසින් මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කොස් ගසක් කපා බිම හෙළන අවස්ථාවේ දී කොස් ගස පොල් ගසක දැවටීමෙන් ඉදිරී වැටුණු පොල් ගස මෙම පුද්ගලයාගේ හිස මත වැටීම නිසා මරණය සිදු වී ඇති බවයි. බළන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරය අලූත්වැඩියාවක් නිසා වසා තිබෙන බැවින් මොහුගේ දේහය කහවත්ත මූලික රෝහලට යවා තිබෙන අතර මේ පිළිබ`ද මරණ පරීක්ෂණය ඊයේ (11) පැවැත්වීමට තිබූ බවත් බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක එස්.එච්.අයි.ඞී. මීගස්දෙනිය මහතා ස`දහන් කළේය. වැඩිදුර පරීක්ෂණ පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

බළන්ගොඩ එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment