කොස් ඵලදාව වැඩිවී ගස් යට කුණුවේ

666


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත ඉඩම්වල ඇති කොස් ගස්වල මෙවර ඵලදාව ඉහළ ගොස් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති. වන සංරක්ෂණ ඉඩම් හෙක්ටෙයාර් 3000ක් පමණ දිවයින පුරා පිහිටා තිබේ.මෙම ඉඩම් සියල්ලේම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ‍ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්යට වැටී කුණු වී යන බව ඔවුහු සඳහන් කරති.
ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ පෝෂණ ගුණය බහුල කොස් , දෙල් වැනි ආහාර අපතේ යාම වැළැක්විය යුතු බවත් වන සංරක්ෂණ ඉඩම්වල ඇති කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් කෘෂිකර්ම, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.
බොහෝ දෙනෙක් රක්ෂිත ඉඩම්වලට යාම නීති විරෝධි බැවින් ඒවාට ඇතුල්වීමට බියක් දක්වති. එම නිසා කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා පමණක් මුදල් අය කිරීමකින් තොරව වනරක්ෂිතවලට ඇතුළ් වීමට බලපත් ලබා දීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි අමාත්‍යවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.දැනට ඇති තොරතුරු අනුව ලංකාවේ වාර්ෂික කොස් අස්වැන්න කොස් ගෙඩි කෝටි 28කි. නමුත් ඉන් පරිභෝජනය කෙරෙනුයේ කෝටි 08ක් පමණ ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම අපතේ යන බව හෙළිදරව් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment