කොළඹට එන්න එපා-නගරාධිපතිනි රෝසි ඉල්ලයි

865

පවතින කොවිඩ් තත්ත්වය අතිශය දරුණු බවත්, ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය පිට පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටී..

විශේෂ මාධ්‍ය නිවේදනයක් අද (16 වැනිදා*නිකුත් කරමින් නගරාධිපතිනිය මේ බව ප‍්‍රකාශ කරයි. නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.

මේ වනවිට රෝහල්වල මෙන්ම නිවෙස්වල ද කොරෝනා ආසාදිතව මියයන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා ඉහල ගොස් තියෙනවා. මෙම භයානක තත්වය තේරුම්ගෙන තමන්ගේ ජීවිතයත් තම ආදරණීයයන්ගේ ජීවිතත් ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේම රැුදි සිටින ලෙස ඇය අවධාරණය කරන්නනේ තවදුරටත් වසංගතය පාලනය කිරීමට ජනතා සහයෝගය දැඩිව අවශ්‍යයි. ඇය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment