‘කොළඹට කිරි ගමට කැකිරි’  ලයිට් කැපිල්ලට එරෙහිව නඩු යනවා

294

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

‘කොළඹට කිරි ගමට කැකිරි’ ප‍්‍රතිපත්තියක පිහිටා විදුලිය කප්පාදු කිරීමට බලධාරීන්ට අයිතියක් නැති බවත් ඊට එරෙහිව නඩු මගට පිවිසෙන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (25 දා) පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ මහතා මෙසේ ද කීවේය.

පහුගිය කාලයේ ABCD කියා කලාප වෙන් කරමින් විදුලිය කැපුවාට ABCD කොළඹ නෑ. කොළඹ චීන නගරයක්ද? රට පුරාම විදුලි පාරිභෝගිකයන්ට තියෙන්නේ එකම අයිතිවාසිකමක්. හැමෝම ගෙවන්නේ එකම මිලක්. කොළඹට විදුලිය නොකපා සෙසු ජනතාව හැල්ලූවට ලක් කරන්නේ ඇයි? විදුලි බල මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ විදියට අවසර දෙන්නේ ඇයි? ‘මේක කොළඹට කිරි ගමට කැකිරි කප්පාදුවක්’. විදුලි බල පනත අනුව සැමට එක සේ සැලකිය යුතුයි. මේ විෂම සැලකිල්ලට එරෙහිව විදුලිබල මණ්ඩලයටත්, උපයෝගිතා කොමිෂන් සභාවටත්, අමාත්‍යාංශ ලේකම් නෝනටත්, සභාපතිවරයාටත්, ඇමැතිවරයාටත් එරෙහිව නඩු මගට යන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග අපි ගන්නවා. නැත්නම් අපට සිද්ධ වෙනවා කොළඹ වටලන්න.

අපිට තේරෙනවා ඩීසල් නැතිව දුවන්න බැහැ කියලා. නමුත් සැමට එක සේ සලකන්න. අමාත්‍යාංශ ලේකම් නෝනා අංකයක් දීලා අපෙන් අහනවා කපලා නැති තැන් කියන්න කියලා. ලැජ්ජයි. අපි ලේකම්වරියට කියනවා කොළඹ අංක එකේ සිට සිට 15 දක්වාම විදුලිය කපල නෑ කියලා. අමාත්‍යාංශ ලේකම්වරියට අපි කියනවා අමාත්‍යාංශයට එන්න. ?ට කොළඹ නගරයේ සංචාරය කරලා තත්ත්වය බලන්න කියලා. මේක ඇගේ වගකීම නොවේද? සෞභාග්‍යයේ දැක්ම රජයේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සෘජුවම අමාත්‍යාංශ ලේකම්වරිය වගකිව යුතුයි. මෙය ඉටු කළ නොහැකි නම් ඉල්ලා අස්විය යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment