කොළඹට ටිකට් මෙතනින්

201

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර මධ්‍යස්ථාන 13 කදී ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගත හැක.

මෙහිදී මූලිකවම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ විද්‍යා මාවතේ පිහිටි අනුර තෙන්නකෝන් පිවිසුම, කොළඹ 01, දරාස් මූලස්ථාන ගොඩනැඟිල්ල සහ තරග නොපැවැත්වෙන දිනවලද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 168 වැනි කාමරයෙනුත් එම ප්‍රවේශ පත්‍ර ප්‍රධාන වශයෙන් මිලදී ගත හැක. ඊට අමතරව කොටිකාවත්ත, දෙහිවල, කොට්ටාව,

පෑලියගොඩ, බොරැල්ල, කොළඹ 05 වැල්ලවත්ත, පිලියන්දල, කැලණිය සහ වත්තල යන ප්‍රදේශවල පිහිටා ඇති දරාස් මධ්‍යස්ථානවලින්ද ප්‍රවේශ පත්‍ර මිලදීගත හැක.

ඊට අමතරව https(//click.daraz.lk/e/_6gJbD යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද ප්‍රවේශපත්‍ර මිලදීගත හැක.

මූලික තරග වටයේ ප්‍රවේශ පත්‍ර රු. 300, 800, 1200, 1750, 3000 සහ 5000 යන මිල ගණන් යටතේද දෙවැනි වටය වන පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ ප්‍රවේශ පත්‍ර රුපියල් 400, 1000, 1500, 2000, 3500 සහ 6000 යන මිල ගණන් යටතේ මිලදී ගත හැක.

තරගාවලියේ තෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට 17 වැනිදා ආරම්භ වන අතර පිළිමළුන් පිටුදැකීමේ තරග දෙසැම්බර් 21 සහ 22 දෙදිනත් අවසන් මහ තරගය 23 වැනි දිනත් පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment