කොළඹින් එන ධනවත්තු තිස්සමහාරාමයේ වී හින්දති

701

ඉදිරියේ දී රටේ සහල් හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතාව මුල් කරගෙන මේ වනවිට තිස්සමහාරාමය, හම්බන්තොට, කතරගම සහ බුත්තල වැනි ප්‍රදේශවල ගොවි ජනයාගේ වී කිලෝව රු. 165 වැනි මිලකට විවිධ වූ පිරිස් පැමිණ මිලදී ගනු ලබයි.

විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ධනවත් පිරිස් විසින් රථවාහන යොදවා මෙම වී මිලදී ගැනීම සිදුවේ. මෙයට අමතරව මුං, කව්පි වැනි ධාන්‍ය වැනි දේවල්ද රටේ පවතින මිලට වඩා වැඩි මුදලක් ජනයාට ගෙවා මිලදී ගැනීම සිදුවේ. මේ වනවිට තිස්සමහාරාමය, හම්බන්තොට ප්‍රදේශයේ ගම්වල සැරි සරමින් මෙම පිටස්තර පිරිස් වී මිලදී ගනිමින් පසුවේ.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment