කොළඹින් ජාන විකෘති කොරෝනා ප‍්‍රභේද 14ක්

525
කොළඹින් ජාන විකෘති කොරෝනා ප‍්‍රභේද 14ක්

ජාන විකෘතිතා ඇති බවට සැක සහිත ජෛව සාම්පල දහහතරක් කොළඹ නාගරික සීමාවෙන් හඳුනාගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

කොළඹ නගරයේ අහඹු ලෙස ලබා ගත් ජෛව සාම්පල් 25 ක් අතරින් මෙම විකෘතිතා ඇති බවට සැක සහිත ජෛව සාම්පල් 14 හඳුනාගෙන ඇත. මෙම සාම්පල් 25 ලබාගෙන ඇත්තේ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය හඳුනාගත් ප‍්‍රදේශවලිනි.

මේ පිළිබඳව අදාළ විශේෂඥ කණ්ඩායම් දැනටමත් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්‍ෂණවල අවසන් වාර්තාව ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට හැකිවනු ඇතැයිද විශේෂඥ වෛi හේමන්ත හේරත් පවසයි.

අදාළ ජෛව සාම්පල හඳුනා ගැනීමත් සමග එම සාම්පල අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් කඩිනම් ආරක්‍ෂිත පියවර ගැනීමටද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර කොරෝනා වසංගතය මර්දනය කිරීමේ රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව පෙරේදා (12 වැනිදා* දිනය තුළ මෙරට වැඩිම එන්නත් ප‍්‍රමාණය ලබාදීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇත.

එහිදී ලබාදී ඇති කොරෝනා එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය 218,989 කි. ඒ අතරින් වැඩිම ප‍්‍රමාණය වූ සයිනෝෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලෙස පුද්ගලයන් 173988 කට එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇත.
එසේම සයිනෝෆාම් දෙවැනි මාත‍්‍රාව ලෙස පුද්ගලයන් 40276 දෙනකුට එන්නත් ලබාදී ඇති අතර තවත් පුද්ගලයන් 4725 කට ෆයිසර් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදී තිබේ.

රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ එක් මාත‍්‍රාවක් හෝ ලබාදුන් සමස්ත සංඛ්‍යාව 3128403 ක් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව තවත් සයිනොෆාම් එන්නත් මාත‍්‍ර මිලියනයක් රැුගත් ශී‍්‍ර ලංකන් ගුවන් යානයක් ඊයේ ද (13 වැනිදා* මෙරටට ළඟා වී තිබිණි.

මේ වන විට විශේෂ අවශ්‍යතාවක් සේ සලකා මෙරට සියලූම ගුරුවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම ද ආරම්භ කර ඇති අතර එයට සමගාමීව තිස්අටදහසක් පමණ වූ මෙරට පෙර පාසල් ගුරුවරුන්ටද කොරෝනා එන්නත් ලබාදීම ඊයේ ගම්පහ ප‍්‍රදේශයෙන් ආරම්භ විය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1328 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ දහවල් වන විට සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
එම පිරිසත් සමග මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසුව පූර්ණ සුවය ලද සමස්ත ගණන 247569 දක්වා ඉහළ ගිය අතර කොරෝනා ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණ 41 පෙරේදා දිනයේ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

පිරිමි පුද්ගලයන් 23 දෙනකු සහ කාන්තාවන් 18 දෙනකු මෙලෙස මරණයට පත්ව ඇති අතර එම මරණ 41 ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 3574 ක් දක්වා ඉහළ ගියේය.

– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment