කොළඹ අගරදගුරුතුමා ජිනීවාහිදී බැෂලේ හමුවෙයි

249

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (02 දා) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මිය හමුවිය.

 ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේදී එම හමුව සිදුව ඇත.

 මෙම සාකච්ඡුාව සඳහා අගරදගුරුතුමන් සමඟ අගරදගුරු ලේකම් සහ අගරදගුරුතුමා වෙනුවෙන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ද සහභාගි වූ බව කොළඹ අගරදගුරු මැඳුර පවසයි.

 පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සහාය ලබා ගැනීමට මෙම හමුවේදී අවධානය යොමු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment