කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක්

259

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද දහවල් දෙමටගොඩ කාකිපුල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රදේශයේ සිටි තවත් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනකු අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment