කොළඹ අවන්හලේ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක්

165

– පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

කොළඹ තුරඟතරඟ පිටිය ඉදිරිපිට ක‍්‍රීඩා මණ්ඩපය තුළ ඇති මැක්ඩොනල්ඞ් අවහන්හලේ පෙරේදා (20 දා) අලූයම 5.30ට පමණ පිපිරීමත් සමඟ හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා ‘දිවයින’ට පැවසීය.

කොළඹ අවන්හලේ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක්

එම ගොඩනැඟිල්ල ආසන්නයේ පිහිටි රථ ගාලේ රැුඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිපිරීමත් සමඟ විසිවූ වීදුරු කැබලි වැදීම හේතුවෙන් සුළු තුවාල ලබා ඇතැයිද කියා සිටියේය. කොළඹ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 6ක් එහි පැමිණ පැය 3ක් ඇතුළත ගින්න නිවා දමා ඇත.

ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැඟිල්ලට හා දේපළවලට ලක්ෂ ගණනක හානියක් සිදුවී ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා මෙසේද කීය.

ඕනෑම කෙනෙක් ගෑස් සිලින්ඩර් භාවිතා කරනකොට නිවස තුළ හෝ හෝටල් ඇතුළේ තියාගෙන පරිහරණය කරන්න එපා. පුළුවන් තරම් ගෑස් සිලින්ඩර් නිවසින් පිටත යකඩ කූඩුවක තබා පරිහරණය කරනවා නම් හොඳයි. ඒ වගේම ගෑස් ලිප හා ගෑස් සිලින්ඩරය සම්බන්ධ ගෑස් බටය ගැනත් නිතරම පරීක්‍ෂා කර බලන්න. ඒ වගේම රාත‍්‍රි නින්දට යනකොටත් මේ ගෑස් ලිප හරියට නිවලා තියෙනවාද කියලා බලන්න. එහෙම නිතරම පරීක්‍ෂා කරලා බලනවා නම් මේ වගේ අනතුරු වළක්වා ගන්න පුළුවන්.

රජයේ රස පරීක්‍ෂකවරයා පෙරේදා උදේ මේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්‍ෂාවක් සිදු කළේය.

සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment