කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ සිමෙන්ති ලොරියක් හා ලංගම බසයක් මුහුණට මුහුණ ගැටී 30 ක් රෝහලේ

288

කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී ඊයේ (09 දා) අලුයම 4ට පමණ සිමෙන්ති පැටවූ ලොරියක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

තුවාල ලැබූ පිරිස අතරේ ලංගම බස්රථ රියැදුරු හා ලොරි රථ රියැදුරුද සිටින බව පොලිසිය කියයි. තුවාලකරුවන් හෝමාගම හා නවගමුව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් හා අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. මේ පිළිබඳව හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එච්. වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, යූ. කේ. අබේරත්න, ඇන්ටන් ප්‍රනාන්දු, රජිත ප්‍රනාන්දු – හඳපාන්ගොඩ සහ ඩේවිඩ් අමරසිංහ -ලබුගම

advertistmentadvertistment
advertistmentadvertistment