කොළඹ ඉතාලියෙන් අයින් වුණා – ආලෝක සම්පත්

1361

රංගනය පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමේ අරමුණ ඇතිව එක තරුණයෙක් 1999 වර්ෂයේ කන්තලෙන් කොළඹට එන කෝච්චියකට ගොඩ වෙනවා. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලෙන් රංගනයේ මුල් අකුරු ඉගෙන ගත් ඔහු ඉන් අනතුරුව වේදිකාවේත්” පුංචි තිරයේත් සිනමාවේත් ජනප‍්‍රිය රංගන ශිල්පියෙක් බවට පත් වෙනවා. එයින් නොනැවතී අධ්‍යක්ෂණය කෙරෙහිද අවධානය යොමු කළ මේ දක්ෂ තරුණයා නමින් ආලෝක සම්පත්. කොළඹ ඉතාලියේ ඔහු රඟ පෑ චරිතයෙන් ඉවත් වීමත් සමඟ ඔහු පිළිබඳව වන කතාබහ යළිත් අලූත් වුණා.


 කොළඹ ඉතාලියේ රාහුල්ට හොඳ ප‍්‍රතිචාර තිබුණා. එහෙම තියෙද්දි ඇත්තටම ඔබව කතාවෙන් අයින් කළාද?

 මට ලැබෙන කිසිම වැඩකින් අයින් කරන්න සිද්ධ වෙන විදියට මන් වැඩ කරලා නෑ. කරන්නෙත් නෑ. නිර්මාණයක් එක්ක රැුඳිලා ඉන්නවද අයින් වෙනවද කියලා තීරණය කරන්නේ මම. කොළඹ ඉතාලිය ටෙලිනාට්‍යයෙන් මම අයින් වෙන්න තීරණය කළා. මේ කතාවේ නිෂ්පාදන කණ්ඩායමෙන් ඇතිවුණ ගැටලූවක් නිසා තමයි මම නාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කළේ. විශේෂයෙන්ම මේ වෙලාවෙ මතක් කළ යුතුයි ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාවවත්” අධ්‍යක්ෂවරයාවත් සමඟ මට කිසිම ගැටලූවක් තිබුණේ නැහැ. නිෂ්පාදන කණ්ඩායමෙන් මට සිදුවුණු අසාධාරණයක් නිසා තමයි මම කොළඹ ඉතාලිය ටෙලිනාට්‍යයේ රඟපෑමෙන් අයින් වුණේ.

 කොළඹ ඉතාලියට සමු දුන්නත් ඔබ නැවත ටෙලිනාට්‍ය කිහිපයකම රඟ පාන්න සූදානම් වෙනවා නේද?

 මේ දවස්වල ටෙලි ඩ‍්‍රාමා කිහිපයක රූගත කිරීම් සිදු කරනවා. ඒ වගේම මම රංගනයෙන් සහභාගි වන ඉන්ටර්නැෂනල් දෙවැනි අදියර දැන් විකාශනය වෙනවා. වඩිනාගල” හාර්ට් කාර්ට් වගේ ටෙලිනාට්‍ය කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා.

 බෙනට් රත්නායක මහත්මයාගේ කවුරුවත් දන්නෑ ෆිල්ම් එකත් දැන් තිරගත වෙනවා. ඒ වගේම ඉක්කා” ගිරිවැසිපුර කතුරු මිතුරු” වගේ ෆිල්ම් කිහිපයක්ම එන්න තියනවා. ඒ නිර්මාණ හරහා පේ‍්‍රක්ෂකයන්ට මගේ රංගනයන් දැක බලාගන්න අවස්ථාව ඉදිරියේදී උදා වේවි.

 කොහොමද ඉන්ටර්නැසනල් නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර ?

 ඉන්ටර්නැෂනල් කතාවේ මම රඟපාන්නේ සිල්කා කියන චරිතයට. පළමු අදියරේදී වගේම මේ වතාවෙත් කතාවට වගේම මගේ චරිතයට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙනවා. කාලෙකට පස්සේ මට රඟපාන්න ලැබුණු හොඳ ටෙලිනාට්‍යයක් විදිහට මම ඉන්ටර්නැෂනල් හඳුන්වා දෙන්න කැමතියි.

 වේදිකා නාට්‍ය තුළින් රංගනය පටන් ගත්ත ඔබ දැන් වේදිකාවට සමු දීලද ?

 කිසිම හේතුවක් මත වේදිකා රංගනයට සමු දෙන්න මම තීරණය කරන්නේ නෑ. මම අදටත් ඇලූම් කරන්නේ වේදිකාවට. මේ වෙද්දි මම වේදිකා නාට්‍ය විස්සක වගේ ප‍්‍රමාණයක රඟපාලා තියෙනවා. ආලෝක සම්පත් කියන රංගන ශිල්පියා නිර්මාණය කළේ වේදිකාව. නමුත් පාස්කු ප‍්‍රහාරය සහ කොවිඞ් වසංගතය නිසා අවුරුදු තුනකට ආසන්න කාලයක් වේදිකා නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණේ නෑ.

කොළඹ ඉතාලියෙන් අයින් වුණා - ආලෝක සම්පත්



 සෑහෙන කාලෙකට පස්සේ මට වේදිකා නාට්‍යක රඟපාන්න අවස්ථාව උදා වුණා. ජාතික තරුණ සේවා සභාවේ නිෂ්පාදනයක් වන සරත් කොතලාවල මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘‘පාරාවෝ සටන් වදියි.. වේදිකා නාට්‍යයට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණ එක සතුටක්.

 ටෙලිනාට්‍ය” සිනමාව” වේදිකාව කියන ක්ෂේත‍්‍රයන්වලින් එකක් තෝරගන්න සිදු වුණොත් ?

 මේ වෙද්දි වේදිකා නාට්‍යවල වගේම ටෙලිනාට්‍යවලටත්” සිනමා නිර්මාණවලටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ ක්ෂේත‍්‍රවලින් එකක් තෝරගන්න සිද්ධ වුණොත් මම අනිවාර්යෙන්ම වේදිකා නාට්‍ය තෝරගන්නවා. මොකද වේදිකා නාට්‍ය රංගනයෙන් මට ලැබෙන අධ්‍යාපනය සහ ආත්ම තෘප්තිය වෙන කිසිම දේකින් ලැබෙන්නෙ නෑ. නමුත් දැන් වෘත්තීමය රංගන ශිල්පියෙක් ලෙස මේ හැම අංශයක් එක්කම කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා.

 ආලෝකට ඇත්තටම ටෙලිනාට්‍යය කර්මාන්තය ගැන කලකිරිලද?

 ලංකාවේ දැන් ටෙලිනාට්‍ය කලාව කියලා එකක් නැහැ. එක ශිල්පියෙක්ට නිර්මාණයේ රඟපාන්න තියන කොටස් දහය පහළව එක දවසේ ෂූට් කරලා රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ශ‍්‍රමය සූරා කන ටෙලි ව්‍යාපාරයක් තමයි දැන් තියෙන්නේ. වේදිකාව එහෙම නෙමෙයි” දවසින් දවස අලූත් වෙනවා. අලූත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. වේදිකාවෙන් අලූත් දේවල් ඉගෙන ගෙන ටෙලිනාට්‍යවල රඟපාන්න ගියාම නළු නිළියන් මොට වෙනවා. ඇත්තටම මට විතරක් නෙමෙයි බොහෝ නළු නිළියන්ට ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය ගැන තියෙන්නේ කලකිරීමක්. නමුත් වෘත්තීමය රංගන ශිල්පියෙක් විදිහට ටෙලිනාට්‍යවලත් රඟපාන්න අපට සිද්ධ වෙනවා.

 වේදිකාවත් පුංචි තිරයත් සිනමාවත් ජයගත්ත ආලෝකට අධ්‍යක්ෂවරයෙක් වෙන්න අවස්ථාව ලැබුණා නේද?

 මේ වෙද්දි මම තනියෙක් විශිෂ්ටයි. ආපසු කියන වේදිකා නාට්‍යය දෙක අධ්‍යක්ෂණය කළා. ඒ වගේම සිනමා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවෙන් පිටපත් දෙකක් අතේ තියාගෙන මගේ නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන් නිෂ්පාදකවරයෙක් හමුවෙනකන් බලාගෙන ඉන්නවා. මගේ නිර්මාණය මට කැමති විදිහට කරන්න මාත් එක්ක වැඩ කරන්න පුළුවන් නිෂ්පාදකවරයෙක් තමයි මම හොයන්නේ. එහෙම කෙනෙක් හම්බුණොත් හෙට ඉ`දලම වැඩ කටයුතු ආරම්භ කරන්න මම සූදානම්.

 ආලෝක ටෙලිනාට්‍ය සම්මාන උළෙලවල්වලට සහභාගි වෙන්න කැමති නෑ කියන කතාව ඇත්තක්ද?

 ඇත්තටම කියනවා නම් මේ වෙනකම් ටෙලිනාට්‍ය සම්මාන උළෙලකට මට ආරාධනා ලැබිලා නෑ. මම සහභාගි වෙලත් නෑ. එහෙම වුණා කියලා මට දුකකුත් නෑ. රාජ්‍ය සම්මාන උළෙලේදී සහ යෞවන සම්මාන උළෙලේදී තනියෙක් විශිෂ්ටයි නාට්‍යට හොඳම අධ්‍යක්ෂණයට” හොඳම රඟපෑමට සහ තවත් අංශ කිහිපයකට සම්මාන ලැබුණා.

 මම ජීවිතය පටන් ගත්තේ වේදිකාවෙන්. එතනදී මට ලැබෙන්න ඕන සම්මාන වගේම පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය ගෞරවය අඩුවක් නැතුව ලැබෙනවා. ටෙලි නාට්‍යවලදීත් මගේ චරිතවලට පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. රංගන ශිල්පියෙක් විදිහට පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය ලැබෙන එක තමයි මම ලබන සම්මානය.

 2022 අවුරුද්ද පටන් ගන්නෙම ආලෝකට අලූත් බලාපොරොත්තුවක් අරගෙන නේද?

 2022 අවුරුද්දේ පාරාවෝ සටන් වදියි වේදිකා නාට්‍යයත් එක්ක ලංකාව වටේ යන්න ලැබෙන එක තමයි ලොකුම සතුට. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක වැඩ කටයුතු භාර අරන් තියෙන නිසා කලා කටයුතු ටික සාර්ථකව කරන්න උත්සාහ කරනවා. ෆිල්ම් එකේ වැඩ ටික කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ලබන්නා වූ අලූත් අවුරුද්ද මේ තියෙන හැම ගැටලූවක්ම විසඳිලා හැමදෙනාටම සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.



 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment