කොළඹ ඉලෙක්ට්‍රික් වාහනවලට ඇමරිකාවෙන් චාජ් එක දෙයි

490

කොළඹ නගරයේ විද්‍යුත් වාහනවලට අවශ්‍ය ආරෝපිත බැටරි ලබාදීම සඳහා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ආධාර කිරීමට පියවර ගෙන ඇතැයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ යටතේ පළමුව රෝද දෙකේ විද්‍යුත් වාහනවල බැටරි මාරු කරන ස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය සහ Sling Mobility සමග ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම මධ්‍යස්ථානවලදී බැටරි ආරෝපිත වන තෙක් බලා නොසිට ඒ වෙනුවට ආරෝපණය කරන ලද බැටරියක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

පරිසර හිතකාමී බලශක්තියට දිරි දීමක් වශයෙන් මෙම ඊ තාක්ෂණය දියුණු කිරීමට උපරිම සහාය ලබාදෙන බව Usaid දුත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රයල් ග්‍රො සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment