කොළඹ උතුර මෙහෙයුමකින් කුඞ්ඩන් 200ක් අල්ලයි

88

කොළඹ උතුර ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් 200 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (1දා) පැවැසීය.

ඔවුන් අතුරින් 44 දෙනකු කිසිදු කොවිඞ් එන්නතක් ලබාගෙන නොමැති බව ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇතැයිද හෙතෙම කීය.

ඒ අනුව ඔවුන්ට කොවිඞ් එන්නත් ලබාදීමට කටයුතු කළ බවද හේ සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment