කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිල්ශාන්

162

කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපතිවරයා ලෙස දිල්ශාන් වීරසේකර මහතා පත්කර ඇත.

හිටපු සභාපති දුමිත් ප්‍රනාන්දු මහතාගේ වසර දෙකක ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු දිල්ශාන් වීරසේකර මහතා කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපති ලෙස පත්කර ඇත. ඔහු වර්ෂ 2017 නොවැම්බර් 21දා සිට කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන බැංකු සමාගමක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද වන වීරසේකර මහතා අයෝජන බැංකු ක්ෂේත්‍රයෙහි පුළුල් අත්දැකීමක් හිමි අයෙකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment