කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් කඩා වැටේ

448

2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.

අද දින ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 3.03% ක හා 3.95% ක පහළ යාමකි.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ 11 වෙනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment