කොළඹ කොටස් වෙළෙඳපොළ කඩාවැටෙයි පැය 1/2 ක් ගනුදෙනු අත්හිටුවයි

258

කොළඹ කොටස් වෙළෙඳ පොළේ පසුබෑමේ තත්ත්වය තවත් තීව‍්‍ර වෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලූ කොටස් මිල දර්ශක අගය ඊයේ (29 දා) දිනයේදී ඒකක 494.75 කින් පහළ යන ලදී.

මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 9657.55 ක් ලෙස සටහන් වූ අතර එය 2021 ඔක්තෝබර් 25 දිනෙන් පසු සියලූ කොටස් මිල දර්ශකය ඒකක දසදහසේ සීමාවෙන් මෙපිටට පැමිණි අවස්ථාව ද වේ.

එසේම කොටස් වෙළෙඳ පොළේ එස් ඇන්ඩ් පී ශී‍්‍ර ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්‍ෂව සියයට 5 ක ප‍්‍රමාණයකින් පහළ ගිය නිසා ඊයේ දින ගනුදෙනු අතරවාරයේ ප.ව. 1.10 සිට ප.ව. 1.40 දක්වා මිනිත්තු 30 ක කාලයක් කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අත්හිටුවීමක් ද සිදුවිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment