කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා – ලංකාවේ පළමු දුම්රිය ගමන සිදුවී අදට වසර 157යි

556

අභිමානවත් මෙහෙවරක අතීත පියසටහන්

 කවර ප‍්‍රදේශයක වුවද දියුණුව කෙරේ අතිශයින් බලපාන ප‍්‍රධානතම කරුණක් වනුයේ ප‍්‍රවාහන සේවාවයි. ආර්ථික, සාමාජික, සංස්කාතික ආදී කවර අන්දමේ දියුණුවකට වුවද විධිමත් ප‍්‍රවාහන මාර්ග පද්ධතියකින් වන සේවාව විශාලය. ලාභයටත්, පහසුවටත්, ඉක්මනටත් අමුද්‍රව්‍ය පරිවහනය කළ හැක්කේ සුදුසු පරිවහන රටාවක වැදගත්කම මතය. දියුණුවන රටක මඟී ප‍්‍රවාහනය මැනවින් විය යුත්තේය. ලොව පුරා මහාමාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග ආදී විවිධ ප‍්‍රවාහන මාර්ග සේවා දක්නට ඇති අතර, දුම්රිය මාර්ග ප‍්‍රවාහනය විශේෂ ස්ථානයක් දරයි.

 ශ‍්‍රී ලංකාවේ ද අසංවර්ධිත බිම් පෙදෙස් සංවර්ධනය වූයේ දුම්රිය පරිවහනයත් සමඟය. කවරදාකවත් දුම්රිය මාර්ගයක් නොඑතැයි සිතූ ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග ආදී බිම් පෙදෙස් ඔස්සේ අපේ දුම්රිය මාර්ග බිහි වී ආයේ විවිධාකාර ප‍්‍රතිඵල උදාකරමිනි. අද දුම්රිය ජනතාවගේ ඉතා සමීප මිතුරෙකි. ඉතිහාසයේ වෙන කවදාටත් වඩා ජන ජීවිතයට තදින්ම බලපාන ප‍්‍රවාහන සේවාවක් බවට දුම්රිය පත්ව ඇත.

කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා - ලංකාවේ පළමු දුම්රිය ගමන සිදුවී අදට වසර 157යි

වර්ෂ 1802 දී ශී‍්‍ර ලංකාව ‘ඔටුන්නට යටත්’ රාජ්‍යයක් විය. බි‍්‍රතාන්‍යයන් ලංකාවෙහි මුහුදුබඩ පෙදෙස්වල පාලනය භාරගන්නා අවධියෙහි වූ පාරවල් ස්වල්පයකින් ප‍්‍රධානතම වූයේ කොළඹ අනෙක් මුහුදුබඩ නගර හා සම්බන්ධිත මහ මාර්ගයයි. එය ගස්වලින් සෙවණ වූ පලල් වැලි සහිත පාරක් වූයේ ඉතා අබලන් තත්ත්වයේ ය. දුම්රිය මාර්ගයක් පිළිබඳව සිහිනයක සේයාවක් නොවීය. ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයන්ට සුවිශේෂ රාජ්‍යයක් විය. ධන සම්පත්, විවිධ දේශගුණ, සංස්කෘතික උරුමයන් ආදී නොයෙක් කරුණු ඔස්සේ ශ‍්‍රී ලංකාව වටිනාකමින් අගයන්නට විය. 1815 දී කන්ද උඩරටද බි‍්‍රතාන්‍යයට අත්පත් වීමෙන් පසු කඳුකරයේ සාරවත් පස හා දේශගුණය බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් ඇද ගැනීමෙහි සමත් විය. වැඩිකල් යන්නට මත්තෙන් මුළු කඳුකරයම කෝපි වගාවෙන් වැසී යන්නට විය. වතු වැවිලි ව්‍යාපාරයන් සමඟ නිසි ප‍්‍රවාහන පද්ධතියක, විශේෂයෙන් දුම්රිය මාර්ග පද්ධතියක අවශ්‍යතාවය තදින්ම පෙනී ගියේය. ඒතාක් වූ බර කරත්ත ප‍්‍රවාහනය එතරම් සතුටුදායක නොවීය. එහි කිසිදු සුරක්‍ෂිතතාවයක් නොවීය. නිරන්තරයෙන්ම වර්ෂා, සුළං, කුණාටු ආදියට මුහුණපෑම ආදී විවිධ ගැටලූ බෙහෙවිනි. මංමාවත් ඉතා පටුය. ගවයන් හිඟයත්, ගවයින් නිරතුරු රෝගවලට ලක්වීමත් ආදී විවිධ දුෂ්කරතා අපහසුතා විය.

 ලන්ඩනයට, බ‍්‍රසීලය රාජ්‍යයෙන් කෝපි එවන්නට පටන් ගැනීම මෙරට කෝපි වතුකාරයන්ට බලවත් තර්ජනයක් විය. ඔවුනට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් ලන්ඩනයට කෝපි අපනයනය කිරීමයි. කොළඹ සිට ලන්ඩනයට මුහුදු මගින් කෝපි තොගයක් යැවීමට වඩා මහනුවර සිට කොළඹට කෝපි තොගයක් කරත්ත මගින් යැවීමේ දුෂ්කරතාවක් විය. එසේ නම් ඉක්මනින් ලන්ඩනයට කෝපි යැවීම කෙසේ කළ යුතුද යන්න ඔවුන්ගේ විමර්ශනයට ලක්විය. ආපසු යන කරත්ත කොළඹින් බඩු ගෙන යන අතර කරත්ත ප‍්‍රමාදවත්ම ඒ පිට ප‍්‍රදේශවල බඩු මිල ඉහළ යෑම ද වෙයි. මේ ආදී නොයෙක් කරුණු නිසා ඉක්මන් ප‍්‍රවාහන සේවාවක් සේ දුම්රිය පිළිබඳ අදහස් ගලා එන්නට විය.

 මංගල පස්පිඩැල්ල කැපීම

 කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ග තැනීම පිණිස 1845 දී ‘ලංකා දුම්රිය සමාගම’ බිහිවිය. ඒ සමාගමේ මුල් මුදල රන් පවුම් දශලක්‍ෂයක් විය. ලාංකික කාරක සභාවක් ද පත් කොට සමීක්‍ෂණ කටයුතු ද කළ නමුත්, එංගලන්තයේ පැනනැ`ගුණු පරිහානියත්, 1847 දී ලංකා කෝපිවල මිල පහත වැටීමත් නිසා දුම්රිය පිළිබඳ ව්‍යාපාරය තාවකාලිකව පසෙකට දැමිණි. වෙළෙඳපොළ යථා තත්ත්වයට පැමිණි විගස යළි ආරම්භ විය. 1855 දී යළිත් දුම්රිය මාර්ග අවශ්‍යතාවය ගැන වැවිලිකරකැවෝ තදින්ම කියා පෑ අතර කෝපි වලින් තීරු බද්දක් අයකරගෙන හෝ එය ඉටුකර දෙන ලෙස කියා පෑහ.

 කෙළවර බලාපොරොත්තු රාශියක් අරමුණු කර ගනිමින් වර්ෂ 1858 ක් වූ අගෝස්තු මස 03 අඟහරුවාදා පස්වරු 5.00 ට ශ‍්‍රීමත් හෙන්රි වෝඞ් (1855 – 1860* ලංකාණ්ඩුකාරතුමා විසින් මරදානේ දී ලංකා දුම්රිය මාර්ගයේ ප‍්‍රථම පස් පිඩැල්ල ඉමහත් ප‍්‍රීති ඝෝෂා මධ්‍යයේ කපන ලදි.

 මේ වූ කලී උත්කෘෂ්ඨ අවස්ථාවක් විය. මංගල පස් පිඩැල්ල කැපීමෙන් පසු පැවැත්වුණු භෝජන සංග‍්‍රහයේදී සන්ධ්‍යා සව්දිය පුරමින් කතා කළ ශ‍්‍රීමත් හෙන්රි වෝඞ්තුමා ලංකා දුම්රිය වෙළෙඳ සංගමයට සුබ ප‍්‍රාර්ථනා කළේය. දුම්රිය සේවාව නිසා සමස්තයක් වශයෙන් වන යහපත පැවසූ එතුමා එමගින් අන්‍යොන්‍ය සම්බන්ධතාවය ඇතිවන අයුරු කියා සිටියේය. යහපත් ජන ජීවිතයක් උදෙසා ළඟ කර ගත හැකි විවිධ වාසි, විවිධ ව්‍යාපාර දියුණුව නව රැුකියා, මාර්ග, උදාවීම ආදිය ගැන ද කරුණු කියාපාමින් තබන ලද අඩිතාලමේ වටිනාකම පහදා දුන්නේය.

 පසුබැසීම

 දුම්රිය මාර්ග ඉදිකිරීමේ කටයුතු ඇරඹිණි. එහෙත් සුදුසු කවර මඟද යනාදී ප‍්‍රශ්න ඇතිවිය. විවිධ සැලසුම් යළිත් පරීක්‍ෂා කෙරිනි. මුලින් දැක්වූ වියදම් ඇස්තමේන්තු ඉතා කලබලයෙන් කළ ඒවා බවත්, නියම වියදම ඊට වඩා දෙගුණයක් වන බවත් නිගමනය විය. මේ නිගමනය ගැන මහත් ආන්දෝලනයක් හට ගැණින. වැවිලිකරුවන් විසින් ඊට මුල පුරන ලදි.

 කරුණු මෙලෙස වූයෙන් වෙළෙඳ සමාගම හා ඇතිකර ගත් ගිවිසුමට විරුද්ධව 1860 දී ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා සම්මත කර ගනිමින් නව මිල ගණන් කැඳවමින් දැන්වීම් පළකරන ලදි. ශ‍්‍රීමත් චාල්ස් ජස්ටින් මැකාර්නි (1860 – 1863* ආණ්ඩුකාරතුමා එම ගිවිසුම අවලංගු කරමින් අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කළ ඩබ්. එප්. පේබියල් නමැති පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුට දුම්රිය මාර්ග තැනීම කාර්යය භාර කරමින් රජයට සෑහෙන මුදලක ඉතිරියක් ද කළේය. (ඩබ්. ඇස්. ෂේබියල්* දුම්රිය මාර්ග තැනීම පිළිබඳව ඉන්දියාවේ ද මනා පුහුණුවක්, පළපුරුද්දක් ලත් අයෙකු වූ අතර රන් පවුම් 873039 ක් වූ අඩුම ටෙන්ඩරය ඔහු විසින් ඉදිරිපත් කරන ලදි. වර්ෂ 1863 මාර්තු මස ශ‍්‍රී ලංකාවට ගොඩබට පේබියල් මහතා රජයේ නේවාසික ඉංජිනේරු ජී. එල්. මෝල්ස්වත් මහතාගේ සහාය ද ලැබ අප‍්‍රියෙල් මස මුලදී ප‍්‍රථම ලංකා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

 මුලදී වැඩ කටයුතු කෙරුණේ සෙමිනි. කුඹුරු, බිම් උඩින් ගොහොරු බිම් ’උඩින් වේල්ලක් තැනීමට පස් ලැබීම දුෂ්කර වීම මීට හේතු විය. 1864 දී චීන වරායේදී වාෂ්ප බලයෙන් ක‍්‍රියාකරන එන්ජිමක් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ අතර, පස් සහ අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යැමට එය උපයෝගී කෙරුණි. කටයුතු බලාපොරොත්තු සඵල කරමින් සිදුවන්නට විය.

 ප‍්‍රථම දුම්රිය ගමන

 1864 දෙසැම්බර් මස 27 දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ප‍්‍රථම දුම්රිය ගමන සිදු වූ අතර මෙම මංගල දුම්රිය ගමනට බෙල්ජියමේ ඔටුන්න හිමි ආදිපාදතුමා ද සහභාගි වූ අතර, එම දුම්රිය ධාවනය කරවූයේ ජී. එල්. මෝල්ස්වත් මහතාය. ප‍්‍රථම දුම්රිය අධ්‍යක්‍ෂක ජෙනරාල් වූයේ ද එතුමාය.

 වර්ෂ 1867 අපේ‍්‍රල් 25 දින කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ග කටයුතු නිම වූ අතර ගත වූ කාලය අවුරුදු හතරකට මදක් වැඩිය. අපේ‍්‍රල් 26 දින කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය මහජන ගමනාගමනය සඳහා විවෘත වූයේය.

 කොළඹ මහනුවර දුම්රිය මාර්ගය කුඹුරු බිම් මැදින්, බෑවුම් සහිත කඳු මුදුන් දිගේ, බිම් ගෙවල් අතරින්, පර්වත ශිඛර යටින්, නයෙකු සේ වක ගසමින්, ඇදේ. වරෙක අඩි දහසක බැස්මක් ඇති බෑවුමක ගැට්ට මත දුවන දුම්රිය රඹුක්කන සහ කඩුගන්නාව අතර සැතපුම් 13 කටත් අඩු දුරකදී අඩි 313 සිට අඩි 1700 ක් උසට ශීඝ‍්‍ර නැ`ගීමක යෙදෙයි.

 දුෂ්කර කටයුත්තක කැපවීම.

 දුම්රියට කඳු මඟ තෝරා ගත්තේ මොල්ස්වත් මහතා විසිනි. ඔහු ¥රදර්ශී හා ඥානාන්විතව කල්පනා කළ බව පෙනේ. ස්ථාවර මෙන්ම වියදම් අතින් පිරිමැසෙන බව ද ඔහුට වැටහී ඇත. තම ශරීර සෞඛ්‍ය ගැන හෝ ධනය ගැන හෝ නොසිතමින් ඉවසීමෙන්, ධෛර්්‍යයෙන් හා කැපවීමෙන් දිවයිනේ අභිවෘද්ධිය තකාම කටයුතු කළේය. මොහුගේ විශිෂ්ඨ ක‍්‍රියා පටිපාටිය ගැන බලවත් සතුටට පත් රජය ඔහුට වූ පාඩුව වෙනුවෙන් විශාල මුදලක් ද පරිත්‍යාග කළේය.

 කොළඹ මහනුවර දුම්රිය මාර්ගය විවෘත කළ අවස්ථාවේ ශ‍්‍රීමත් හර්ක්‍යුලස් රොබින්සන් (1865 – 1872* ආණ්ඩුකාරතුමා මෙසේ පැවසීය. ‘‘මෙම කරුණ කවර රටකට වුවද ආඩම්බරයට හේතුය. මෙහි ගෞරවය කාර්යශූරත්වය හා සහජ දස්කම් උපයෝගී කර ගනිමින් වැඩපිළිවෙළ සකස් කළ වූවනටත් චින්ත ධෛර්්‍යයෙන් හා දැඩි ආත්ම පරිත්‍යාගයෙන් ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ වුවනටත් සමසේ බෙදී යා යුතු බව මගේ අදහසයි. ගමනාගමන සේවයේ හටගන්නා විප්ලවීය නැම්මෙන් විවිධ ලාභ අත්වනු ඇත. මාගේ බලාපොරොත්තුව ඉටුවේවායි මම ඉත සිතින් පතමි. පරිත්‍යාගයන් මගින් පෝෂණය වූ මේ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට ගොස් රටවැසියාගේ සාමාජික තත්ත්වය වර්ධනය වේවායි ද පතමි.

 * සිරිපාල මාදුවගේ

 පින්තූරය-දුම්රිය සඟරාවේ අනුග‍්‍රහයෙන්

advertistmentadvertistment
advertistmentadvertistment