කොළඹ – ගම්පහ – කළුතර – ගාල්ල 20 – 29 අයට එන්නත්දීම අද සිට

117

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවල වයස අවුරුදු 20 ත් 29 ත් අතර පිරිසට කොවිඞ් මර්දන එන්නත් දීම අද (6 දා) සිට ආරම්භ වන බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම දිස්ති‍්‍රක්කවල දැනට කොවිඞ් එන්නත්කරණය සිදුකෙරෙන ස්ථානවලදීම එන්නත් දෙනු ලැබේ.

කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට කොවිඞ් එන්නත් දෙන ස්ථානවලට අමතරව කොළඹ විහාර මහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛi බළකා මූලස්ථානය වයස අවුරුදු 20 ත් 29 ත් අතර පිරිසට එන්නත් ලබාදීම සඳහා තෝරාගෙන තිබේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment