කොළඹ ගෙදර යවා – දඹුල්ල හම්බන්තොට නවතී

330

2021 ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලිය

 2021 ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අ‘ලිමිනේටර් වටය යටතේ පැවැති තරගය ජය ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයට පිවිසීමට දසුන් ශානකගේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත්විය. එ් ඊයේ සවස පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත්කරමිනි.

 පිතිකරුවන්ට යෝග්‍ය සූරියවැව මහින්ද රාජපක්ෂ පිටියේදී කොළඹ කණ්ඩායමට එරෙහිව පන්දු 120කදී ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල පිතිකරුවෝ පන්දුවාර 18.5කදී කඩුලූ 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට ඊයේ (19 වැනිදා) සමත් වූහ. එ් අනුව ඊයේ රාති‍්‍රයේ පැවැති තරගයේදී පරාජයට පත්වන කණ්ඩායම සමගින් දඹුල්ල කණ්ඩායම හෙට (21 වැනිදා) අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයට මුහුණ දීමට නියමිතව තිබේ.

 දඹුල්ල ඉනිමේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ල දවා ගනිමින් කොළඹට ජයග‍්‍රාහී බලාපොරොත්තු ගෙන එ්මට දුෂ්මන්ත චමීර සමත්විය. එම බලාපොරොත්තුව තවදුරටත් වර්ධනය කරමින් දඹුල්ල දෙවැනි කඩුල්ල ලෙස සඳුන් වීරක්කොඩි ලකුණු 10කට පිටියෙන් ඉවත් කිරීමට සීකුගේ ප‍්‍රසන්න සමත්විය. එහෙත් ජයග‍්‍රාහී බලාපොරොත්තුව කොළඹින් ඈත් කිරීමට සමත්වූ පිල් සොල්ට් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් වාර්තා කිරීමට සමත්විය. නවීන් උල්හක්ගේ උඩපන්දු රැුකීම සහ ජෆ්රි වැන්ඩර්සේගේ පන්දු යැවීම හමුවේ එම ඉනිම නිමාවුණිද එතැන් පටන් වගකීම කරට ගත් ජනිත් ලියනගේ නොදැවී ලකුණු 56ක් පන්දු 47කදී රැුස් කළේය. නජිබුල්ලා ෂර්ධාන් පන්දු 28කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 34ක් රැුස් කළේය.

 කාසියෙ වාසිය දිනූ කොළඹ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව කොළඹ ඉනිමේ කි‍්‍රයාත්මක වූ දෙවැනි පන්දුවාරයේදී කුසල් පෙරේරා දවා ගැනීමට නුවන් ප‍්‍රදීප් සමත්විය. පන්දු 6කට මුහුණ දුන් කුසල් පෙරේරා ලකුණු 3ක් ලබා සිටියදී චාමික කරුණාරත්න අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. අනතුරුව සෙමින් සෙමින් ලකුණු ලබා ගැනීම කි‍්‍රයාත්මක වූ කොළඹ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 13ක් ලබා සිටි ටොම් බන්ටන් දුවද්දි දැවී යෑමකට හසුකර ගැනීමට නජිබුල්ලා ෂර්ධාන් සහ නිරෝෂන් දික්වැල්ල සමත්විය.

 පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා කොළඹ ඉනිම ගොඩනැංවීමට උත්සාහයක් දැරුවද ඉම්රාන් තහීර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ධනංජයගේ ඉනිම නිමාවීම මත එම උත්සාහයද ව්‍යර්ථ වී ගියේය. දැවී යනවිටදී ධනංජයද සිල්වා පන්දු 11කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 15ක් ලබා සිටියේය.

 පැතුම් නිස්සංක පිටියේ ස්ථාවර වෙමින් සිටියදී ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ චාමික කරුණාරත්න අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. පන්දු 39කට මුහුණ දුන් නිස්සංක හතරේ පහර 4ක් සමගින් ලකුණු 42ක් කොළඹ ලකුණු පුවරුවට එක් කළේය.

 සිය වගකීම කරට ගත් කොළඹ නායක අන්ජලෝ මැතිව්ස් මෙවර තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඊයේ සමත්වීම කැපී පෙනිණි. පන්දු 34ක් පුරා නොදැවී සිටි මැතිව්ස් එහිදී හයේ පහර 2කින් සහ හතරේ පහර 4කින් දඹුල්ල පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළේය.

 ලකුණු සාරාංශය

 කොළඹ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 145යි (පැතුම් නිස්සංක 42, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 50, ධනංජය ද සිල්වා 15, ඉම්රාන් තහීර් 25/2, නුවන් ප‍්‍රදීප් 23/2, චාමික කරුණාරත්න 31/1)

 දඹුල්ල කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලූ 4ක් දැවී ලකුණු 146යි (පිල් සොල්ට් 32, නජිබුල්ලා ෂර්ධාන් 34, ජනිත් ලියනගේ (නොදැවී) 56, දුෂ්මන්ත චමීර 24/1, නවීන් උල්හක් 26/1, සීකුගේ ප‍්‍රසන්න 36/1, ජෙෆ්රි වැන්ඩර්සේ 34/1)

advertistmentadvertistment
advertistmentadvertistment