කොළඹ ජංගම වෙළෙඳාම මාත‍්‍රා දෙකම ගත් අයට පමණයි-දිස්ත‍්‍රික් ලේකම්

257

නිරෝධායන ඇදිරිනීතිය සමය තුළ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත‍්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමෙහි නිරත වුවහෙත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ප‍්‍රකාශ කරයි.
දිස්ත‍්‍රික් ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේ නිරෝධායන ඇඳිරිනීති සමයේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මහජන සුභසාධනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (24) සංවිධාන කර තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට එක්වෙමිනි.
නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන 04 විවෘතව පවතී. කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12294ක් ද තොග වෙළෙඳ සල් 1489ක් ද ලියාපදිංචි කර ඇති අතර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇතැයි ද යසරත්න මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment