කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සතියක්

81


කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූලිතක්වයෙන් මෙම චිත්‍රපට උළෙල පැවැත්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරු විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.මෙම සිනමා උළෙල මගින් ඉරානය,ප්‍රංශය,ඉන්දියාව,දකුණු කොරියාව,චීනය,ජපානය හා ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක දේශීය හා විදේශීයව සම්මානයට පාත්‍රවූ චිත්‍රපට නැරඹීමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයිනට අවස්ථාව උදාකරදීමත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment