කොළඹ ජාතික අක්ෂි රෝහලේ සේවාව දින 7 පුරාවටම

640

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සේවා කටයුතු සතියේ දින 7 පුරාවටම සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වෙන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi ධම්මික අලහප්පෙරුම මහතා පැවසීය.

එම සේවා කටයුතු දිනපතා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරෙන බවද ඒ මහතා කීය.

අක්ෂි සායන කටයුතු, ශල්‍යකර්ම, බාහිර රෝගී අංශයේ කටයුතු සියල්ලක්ම මේ වන විට සිදු කෙරෙමින් පවතින බවද හෙතෙම කියා සිටියේය.

ජාතික අක්ෂි රෝහලේ සේවාව ලබා ගැනීමට දිනපතා අනුරාධපුර, ගාල්ල, මාතර, පොළොන්නරුව, රත්නපුර වැනි ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල 2000 කට අධික ජනතාවක් පැමිණෙන බවත් පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් පැමිණෙන සෑම අයකුගේම ශරීර උෂ්ණත්වය මැන බලා රෝහල තුළට ඇතුළත් කරගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

රෝහලේ හදිසි ප‍්‍රතිකාර සේවාවන් පැය 24 පුරා ක‍්‍රියාත්මක බවද කියා සිටි රෝහලේ වෛiවරුන් හෙද නිලධාරීන් ඇතුළු දහසකට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සේවය කරන බවත් ඔවුන් සියලූ දෙනාම කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇති බවත් පැවසීය. වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍යනම් 0112-693911 අමතා දැනගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment