කොළඹ ජාතික රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම පාලනය කරන්න

182

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා

රටේ ප‍්‍රධාන රෝහල වන කොළඹ ජාතක රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කර ගැනීම පාලනය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා මහතා ඉල්ලා සිටී.

සියලූම රෝග සඳහා චමින්ද සිල්වා පහසුකම් වැඩිපුරම පවතින ජාතික රෝහලට කොරෝනා රෝගීන් දිනෙන් දින වැඩි වශයෙන් ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් එය එම රෝහලේ ප‍්‍රතිකාර ලබන හෘද රෝගීන් ඇතුළු අනෙකුත් නේවාසික රෝගීන්ට විශාල තර්ජනයක් බවත් ඒ මහතා කීවේය.

මේ වන විට ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වාට්ටු 18 ක් පමණ වෙන්කර ඇති බවත් එය ද තවදුරටත් වැඩි කිරීමට සැලසුමක් පවතින නිසා එය එසේ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් වෛද්‍ය කමල් පෙරේරා මහතා කීවේය.

ජාතික රෝහලේ වෛද්‍ය වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 400 ක පමණ පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටින බවත් කාර්ය මණ්ඩල හිඟය නිසා වෙනත් රෝග සඳහා ප‍්‍රතිකාර කරන වෛද්‍ය වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සේවා මුර ක‍්‍රමයට කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා යොමු කිරීම තුළින් වැඩි වශයෙන් කාර්ය මණ්ඩලය රෝගයට ගොදුරුවීමේ ප‍්‍රවණතාවක් ඇති වී තිබෙන බවත් ඒ මහතා කීවේය. රෝහල තුළ දැනට කොරෝනා රෝගීන් 600 – 700 ක් පමණ නේවාසික ප‍්‍රතිකාර ලබන බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

ජාතික රෝහල යනු සියලූම රෝග සඳහා ඉහළ පහසුකම් පවතින ස්ථානය නිසා කොරෝනා රෝගයට ගොදුරු වී අත්‍යවශ්‍යම ප‍්‍රතිකාර අවශ්‍ය පිරිස රෝහල තුළ නේවාසික ප‍්‍රතිකාර ලබාදීමට ඉඩ ප‍්‍රස්ථාව ඇති කර අනෙකුත් රෝගීන් නෙවිල් ප‍්‍රනාන්දු වැනි පහසුකම් ඇති රෝහල්වලට මාරු කිරීමට කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment