කොළඹ ජාතික රෝහලේ කොවිඞ් අර්බුදය ඔඩුදුවයි…. ලෙඞ්ඩු පිරුණාට පහසුකම් අඩුවක් නැහැ… නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කියයි

490

කොළඹ ජාතික රෝහලේ වාට්ටු 13 ක පමණ කොවිඞ් 19 ආසාදිත රෝගීන් 350 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ලබන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ උප ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (29 දා* පැවසුවාය.


එසේම රෝහල් කාර්ය මණ්ඩලයේ 50 දෙනකුට පමණ කොවිඞ් ආසාදනය වී ඇති බව ද ඇය සඳහන් කළාය. එම ආසාදිත රෝහල් කාර්ය මණ්ඩලය අතර, වාට්ටු ලිපිකරුවන්, හෙද නිලධාරීන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල සාමාජිකයන් වන බව ද ඇය කියා සිටියාය. මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේද සඳහන් කළාය. ‘රෝහලේ කොවිඞ් රෝගී වාට්ටු හැම තැනම.

සේවකයන් හිඟයි: අඳුම් අඩුයි…. ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ලේ්කම්

රෝගීන් එක් ස්ථානයක රැඳෙව්වා නම් හරි. මේක දැඩි අවදානමක්. අපේ රෝහල් සේවකයෝ 50 කට වැඩි පිිරිසකට කොවිඞ් හැදිලා. තව පිරිසක් නිරෝධායනය වෙනවා. දැන් රෝහලේ කොවිඞ් රෝගීන් පිරිලා. අපේ සේවකයන්ට කොවිඞ් හැදීම නිසා රෝහලේ වැඩකටයුතු කරන්නත් රෝහලේ සේවක හිඟයකුත් මතුවෙලා. ඒ වගේම රෝහලේ සේවකයන්ට ආරක්ෂක ඇඳුම් ඇතුළු පහසුකම් දැන් අඩුයි. රෝහල් බලධාරීන්ට මේ ගැටලූ ගැන කිව්වාට පලක් වෙලා නැහැ. අප මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතාගෙන්ද විමසා සිටියෙමු.

‘කොවිඞ් රෝගීන්ගෙන් රෝහල පිරිලා. කොහොමත් ඔවුන්ට උපරිම සේවාව අපේ කාර්ය මණ්ඩලය ඉටුකරනවා. ආරක්ෂිත ඇඳුම් රෝහල් සේවකයන් හැම දෙනාටම ලබා දෙනවා. ඒකෙ ගැටලූවක් නැහැ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සියල්ල අපි ලබා දීලයි තියෙන්නේ. රෝහල් කාර්ය මණ්ඩලයේ කීප දෙනකුට කොවිඞ් වැළඳිලා තියෙනවා. නමුත් සේවක හිඟයක් මතුවෙලා නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment