කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය කල්ලියෙන් නිලධාරීන්ට තර්ජන

257

කොළඹ ජාතික රෝහල තුළ ක්‍රියාත්මක වන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට උත්සාහ කරන එම රෝහලේ බලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දිගින් දිගට ම තර්ජන එල්ල කිරීමට පටන් ගෙන ඇත.

මෙම රෝහලේ ජ්‍යෙෂ්ඨතම බලධාරියකුට සහ පරිපාලන නිලධාරිනියකට රෝහලේ සංවිධානාත්මක පිරිසක් විසින් මෙසේ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වෙයි.

රෝහල තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට සහ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රෝහල් සේවකයන් නීතියේ රැහැනට නතු කර ගැනීමට පොලිසිය කටයුතු නො කරන බවට ද රෝහල් බලධාරීහු චෝදනා එල්ල කරති. තමන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති. කොළඹ ජාතික රෝහලේ සේවය කරන පහළ ශ්‍රේණිවල සේවකයන් අතුරින් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවි කිරීමට ඇබ්බැහිවී සිටින බව එම රෝහල කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment